" කීපාරක් ඇහුවද...? මේ තරම් අත රතු උනේ මොනව කරන්න ගිහින්ද ළමයො ...."
පන්සල් ගිහින් ගෙදර ආපු වෙලේ ඉදන් අම්මයි අප්පච්චි මගෙ අත රතු වෙලා තියෙන්නෙ ඇයි කියල ඇහුවට මම රටේ නැති බොරු එයාලට කිව්වෙ ඇත්ත කියන්න බැරි කමට..
අර පිස්සු හු#ත මගෙ අත අඹරල දැම්ම කියල කියන්න පුළුවන්ද අනේ කටක් ඇරලා..ඌ එච්චර දෙයක් කරනකන් මම මොනාද කරේ කියල බලයිනෙ ඔය කතාව අහන ඕනම එකෙක්.. ඒත් මේකයි කතාව පන්සලේ අරූගෙ ඇට දෙක තලන්න ගිහින් නිකරුනේ පව්පුරෝගන්න බෑ මට..හැබැයි ඕකව ආයෙ මගෙ අතටම අහුවෙයිනෙ අන්න එවෙලට කොස්තගෙ හිසේ ඉදන් දෙපතුල වෙනකන් මම උදැලු ගාල දානවා ආයෙ දෙකක් නෑ..
" පහන්තිරේට පිච්චුනා අම්මා..එච්චර අමාරුවක් නෑ ඔය රතු වෙලා තිබ්බට.."
අරූ නිසා මට පන්සල් ගිහින් ඇවිත් අම්මට බොරු කියන්න උන එක ගැන නම් ඇත්තටම දුක හිතුනා..
පහන්තිරේකට අත පිච්චුන පලියට අතේ පදාසයක් රතු වෙන්නෙ නෑ කියල දැන දැන මම එහෙම බොරුවක් හරි අම්මට කිව්වෙ වෙන කියන්න කිසි දෙයක් නැති කමට..
" ඒත් සුදූ...."
" මගෙ ඔලුව රිදෙනවා අම්මා...මම යනවා ටිකක් නිදාගන්න..."
" කන්නෙ නැද්ද....? "
" බඩගිනි නෑ..."
මාව සාලෙ තියාගෙන ප්‍රශ්න පිට ප්‍රශ්න අහන අම්මගෙන් බේරෙන්න ඕනවට මම තවත් බොරුවක් කිව්වෙ අප්පච්චි මගෙ දිහා අමුතු විදිහකට බලාන ඉද්දි..
සැකයක් නම් ඇති වෙන්න විදිහක් නෑ මොකද අර යකාගෙ ඇඟිලි පාර මගෙ අතේ හොද වෙලාවට හිටල නෑ.. ඒ හින්ද කොස්ත අයියා බේරුනා නැත්නම් ඇඟිලි පාර සීල් තියල වගේ මගෙ අතේ තිබ්බ නම් මටත් සිද්ද වෙනවනෙ පන්සලේ වෙච්ච දේ කියන්න අම්මටයි අප්පච්චිටයි.. ඊට පස්සෙ ඉතින් කොහොමත් අපෙ අප්පච්චි අඩු පඩු ලෙෆ්ට් කරනවා අර ගං හිවලගෙ..
" මේ ළමයට මොනව වෙලාද මන්ද මහත්තය..."
" ඇයි..."
" මේ ටිකේම ඔලුව රිදෙනවා , බඩ රිදෙනව කියල ගෙදර අයවත් මග ඇරල නිදාගන්න එකමනෙ කරේ..මට බයයි සුදූ ගැන අපෙ මහත්තයා..."
YOU ARE READING
නේත්‍රා 👁️ ( Slow Update )
Fanfictionජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️