" දෙන්න එක්ක කතා කර කර ඉන්නකො එහෙනම්..මම තේ හදාගෙන එන්නම්..."
මන් සාලෙට ආවා විතරයි අම්ම කුස්සියට යන්න යද්දි මට හිතුනෙම අම්මෙ මාව මේ පිස්සු හෝන්තුව එක්ක දාල යන්න එපා කියල කෑ ගහල කියන්නමයි..
ඒත් සපුමලී මන් දිහා විරිත්තන් බලන් ඉන්න විදිහට මට අම්මට මුකුත්ම කියාගන්න බැරි උනා..අම්මා මෙතන නැතත් අප්පච්චි කොහෙද කියල මම බෙල්ල හැම පැත්තටම දික් කර කර හොයද්දි සපුමලී හිටපු තැනින් නැගිටල දුවල ඇවිත් මගෙ අතේ එල්ලුනේ මට හික් ගෑවෙන්න..
" ඔයා නැතුව මම පාලුවෙන් හිටියෙ පොඩි අයියා..."
මගෙ බාහුවක ඇගිල්ලෙන් ඇන ඇන ඒකි කියන බහුභූත මම අහන් හිටියෙ කර කියාගන්න දෙයක් නැතුව..
මේකි මගෙ අතේ එල්ලිලා ඉන්නව අම්මා දැක්කොත් එහෙම මට නැති පදත් හදයි..අන්න ඒ නිසා දැන්මම ඔය මකුනිව ඇගෙන් අයින් කරපන් අනුශ...
" එහාට වෙනවා ඕයි වාතයක් නොවී...."
මම ඒකිව තල්ලු කරල දාල සෝෆ එකෙන් ඉද ගද්දි ඒකි මන් දිහා කටත් බෙරි කරගෙන බලන් හිටියෙ අඬන්න ඔන්න මෙන්න වගේ..
" ගෙදර ආපු ගමන් ඔයාව බලන්න දුවන් ආපු මට දැන් ඔහොමද කතා කරන්නෙ පොඩි අයියා.. ඇත්තටම ඔයාට මාව වදයක්ද.....? "
ඇස් වල කඳුලු පුරවන් ඒකි මගෙන් අහපු දේට ඇත්තම කිව්වොත් මට පොඩ්ඩක් දුක හිතුන.. මොනව උනත් පොඩි කාලෙ ඉදන් මන් එක්ක එකට හැදුන වැඩුන මගෙම නංගි වගේනෙ මේකි..
" එහෙම නෑ ඕයි...දැන් බොරුවට අඬන්න නම් ලෑස්ති වෙන්න එපා හරී........ "
ඒකිගෙ අතින් ඇදල මම මගෙ ලගින්ම එයාව ඉන්දවගෙන ශේප් එකක් දැම්මෙ.. මේකි අඬනව අම්මා දැක්කොත් එහෙම මට හොද කෑමක් කන්න වෙනව කියල දන්න නිසා..
" මම අඬන්නෙ නෑ...දැන් කියන්නකො ඔයාගෙ අලුත් ඉස්කෝලෙ හොදයිද පොඩි අයියා..."
ඇහි පිල්ලම් ගගහ කෝලම් දාන ඒකි දිහා බලාගෙන ඉද්දි මට හිනා යන්න ආවා.. මේ හැම මායමක්ම ඒකි දාන්නෙ මගෙ හිත ගන්න කියල හිතෙන හැම වෙලාවකම මට හිතෙන්නෙම සපුමලී හරීඊඊඊ පව් කියල..මොකද ඉතින් මිරිගුවක් පස්සෙනෙ එයා මේ යන්නෙ මට ඕන ඕන ගාගෙන..
YOU ARE READING
නේත්රා 👁️ ( Slow Update )
Fanfictionජීවිතේ ප්රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️