" උබ නිසා උන්ගෙන් මටත් ගැලවීමක් නම් ලැබෙන එකක් නෑ..."
කොස්තල එක පාරක්වත් පිටි පස්ස හැරිල බලන්නෙ නැතුව ගල් පාරත් කාගෙන ඇරල යන්න යද්දි මම පාර මැද හිටගෙන හති ඇර ඇර උන් ටික ගිය දිහා බලන් හිටියෙ විදුරයගෙ කියවිල්ල අහගෙන..
" ඔහොම බය වෙලා බෑ බං.. මන් වගේ ගැම්මෙන් ඉන්න ඕන..."
මම ඌට වැලමිටෙන් ඇනල බස් හෝල්ට් එකට ආයෙත් ගියෙ කොණ්ඩෙ උඩට කරල හද හද...
" උබෙ ගැම්ම බස්සල ගනී කොස්ත අයියා.. දැක්කනෙ අද බලන් හිටපු විදිහ..."
විදුරය කිව්වත් වගේ මට මතක් උනේ නුරාග්ගෙ බැල්ම..
මූ හිතුවද දන් නෑ කොස්ත මගෙ ගැම්ම බස්සන කන් මම ඇස් කන් වහගෙන බලන් ඉදී කියලා..ඒව හීන විතරමයි.. ඕකගෙ ඔය ලොකු සීන් මන් බස්සල ගත්තෙ නැත්තම් මගෙ නම අනුශ සිරිල් ආරියරත්න නෙමෙයි..
" යැයි යැයි ගාන්නෙ නැතුව ඉදපන්..."
උගෙ කතාව මග ඇරල මන් පාර දිහා බලන් ඉද්දි ඈත අප්පච්චි ගාට ගාට එනවා දැක්කෙ..
" මම මේ බස් එකේ යන්නම් බං.. හෙට එනවනෙනේ උබ ඉස්කෝලෙ..."
" ඔව් ඔව්..."
" අහ් ගෙදර ගිහින් උබට මැසේජ් එකක් දාන්නම් මම..."
" පරිස්සමින් පලයන්..."
විදුරය මගෙ අප්පච්චි එනව දැකල එවෙලෙම ආපු බස් එකේ නැගල යන්න ගියා..
පරන ඉස්කෝලෙ යාලුවො මට සෑහෙන්න හිටියට අලුත් ඉස්කෝලෙන් හම්බ උන විදුරය ඔය කාටත් වඩා මගෙ හිතට අල්ලලා තියෙන්නෙ..මොකද ඌට ටිකක් මෝල් උනාට උගෙ හිත පට්ට හොදයි..
ඉතින් දැන් ඌ මම නිසා වැටිල තියෙන්නෙ ලෝක අමාරුවක..හැබැයි ඌ මේ ගේම අතාරින්න ලෑස්තිත් නෑ කොච්චර බය උනත්.. කලකිරිමේන් වගේ ඔය උඩ දාන් ගියාට මොකද මම දන්නවා රෑට මට කෝල් කරල මෝටිවේශන් අප්පච්චි වගේ මට උපදෙස් රාසියක් දෙනවා කියලා..කොහොමත් ඌ මගෙ ගනේ එකෙක් නිසා.. හිටි ගමන් මූඩ් ඔන් ඕෆ් වෙන්නෙ..
" සුදූ මම එනකන් ගොඩක් වෙලා බලන් හිටියද....? "
" ටිකක් වෙලා අප්පච්චි.."
YOU ARE READING
නේත්‍රා 👁️ ( Slow Update )
Fanfictionජීවිතේ ප්රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️