කොල්ලෙක් ඉස්සරහ පලවෙනි වතාවට ලැජ්ජාවෙන් මිරිකිලා ගියා වගේ මහ අමුතු කියාගන්න බැරි හැඟීමක් මට දැනෙන්න ගත්තා..ඒ මදිවට ෆුල් ෆේස් හෙලමට් එක අස්සෙන් පේන එයාගෙ හිනා වෙන ඇස් දැක්කම එයා අල්ලන් ඉන්න මගෙ වැලමිට ලග ඉදල පපුව දක්වා ආවෙ ලා හිරියක්..
දන්නෙ නෑ ඒ ඇයිද කියලා.. ඒත් මම ගොඩක් කලබල උනා..
" මාව අතාරිනවා.."
එයාගෙ ශක්තිමත් අතෙන් ගැලවෙන්න දැගලවෙ මම හොදටම බය උන නිසා.. මොකද අපේ දිහාට ඈත තියාම කොළ පාට වීල් එකක් එනවා මන් විතරක් දැක්ක හන්ද මට උන් හිටි තැනුත් අමතක උනේ ඒ එන්නෙ කවුරු උනත් ගමේ කෙනෙක් නිසා..උන්දැල මේ ශෝ එක දැක්කොත් නම් හෙට ලංකා දීප පත්තරේ මුල් පිටුවට මාවවයි කොස්තවයි වැටිල තියේවි....
කොස්තගෙ ශක්තිමත් අතින් ගැලවෙන්න මම එයාට ටිකක් සද්දෙන් කතා කරද්දි ගැස්සුන එයා මගෙ අත අතෑරල කියපු දෙයින් මගෙ ඇස් ගැස්සුනේ නැහැයි කිව්වොත් බොරුවක්..
" සොරි....සොරි..."
මට දුක හිතුනා.. මොකද එයාට අවුල් ගියා මම කරපු දෙයින්.. තකහනියක් මට පොතක් දෙන්න දුවන් ආපු මනුස්සයට සද්දෙන් කතා කරපු එකට එයාට කේන්තිත් ඇති.. ඒ උනාට එයා මට වචනයක් නොකිය බයික් එක ස්ටාට් කර ගත්තා..
" මම යනවා.."
" ඉ......"
මට එක බැල්මක්වත් නොදී අපේ ගේ දිහාට එන වීල් එකත් පහු කරගෙන වේගෙන් එයා නොපෙනී යන්න යද්දි මම එයා දුන්න පොත පපුවට තුරුල් කර ගත්තෙ බර හුස්මක් අතෑරලා..
" සුදූ..."
" දෙයියනේ අම්මා..."
කොළ පාට වීල් එක අපේ ගේ ඉස්සරහින් නවත්තල ඒකෙන් එලියට අම්ම බඩු මලු වගයකුත් උස්සන් බැහැල මට කතා කරද්දි කොස්තගෙ සිහියෙන් හිටපු මම පියවි සිහියට ආවෙ..
" මෙහාට එන්න ළමයො ඉක්මනට.."
පොත කිහිල්ලෙ අස්සෙ ගහගෙන මන් අම්ම ලගට දුවල ගිහින් එයාගෙ අතේ තිබ්බ බෑග් ටික මගෙ අතට අරන් බැලුවෙ වීල් එකේ ඇතුලෙ ඉන්න අප්පච්චි දිහා..
හොස්ටල් හිටපු එක දවසට අප්පච්චි ඇදිල ගිහින් වගේ මූණත් එක්ක මලානික වෙලානෙ..
YOU ARE READING
නේත්‍රා 👁️ ( Slow Update )
Fanfictionජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️