~ 10 ~

997 152 49
                                    

" මට බෑ බං අරූගෙ මූණ බල බල ඒ රෙද්ද අස්සෙ ඉන්න...."

කොස්ත පරාක්‍රම හවුස් එකේ ලීඩර් කියල අහන්න ලැබුන වෙලාවෙ ඉදන් මම විදුරය ලග නාහෙන් අඬන්න ගත්තා..

හවුස් එකේ ලීඩර් ඌ නිසා අනිවාරෙන් මට හොද පරිප්පු දෙයි ඕක තියන කේන්තියටත් එක්ක.. අනේ මට නම් බෑ ඔය Carry හිපයියගෙ පු# ලෙවකන්න.. නෑ නෑ නෑ මම කොහොමත් යන්නෙ නෑ ඌ ඉන්න හවුස් එකට.. මන් ආවෙ නෑ කියල උන්ට පාඩුවක් වෙන්නෙත් නෑනෙ..අනික විදුර කිව්වෙ මගෙ නම පරාක්‍රම හවුස් එකට ඇඩ් කරා කියල විතරයිනෙ.. ඔන්න ඔහේ මරිසියක් දාල වෙන හවුස් එකකට යාගන්න බැරිද දන් නෑ..

තව හවුස් තුනක්ම තියෙද්දි අර ගෑණිත් මාව මොන ලබ්බකට මූ ඉන්න එකටම දැම්මද මන්ද..මේව නම් පෙර කරුමද කොහෙද.. නැත්නම් මේ යකාවම මම යන යන තැන් සෙට් වෙන්නෙ නෑනෙ..

" කරන්න දෙයක් නෑ මචං.. දැන් පලයන් අතනට නැත්නම් මිස් හොයයි උබව..."

මගෙ මූණ ඇද වෙලා ගියා විදුරය කෑ ගහන්න ගද්දි.. ඌටත් ඕන මාවයි කොස්තවයි පටලවන්නමද කොහෙද.. නැත්නම් මූ හොදටම දන්නවනෙ මම ඔය හවුස් එකට යන්න අකමැති එකම හේතුව කොස්ත කියල අඩු තරමෙ මගෙ හිත හැදෙන්න වචනයක් දෙකක් කියපන් යන්න කලින්..ඒත් මූ යැයි යැයි ගාල මාව එලවගන්න හදන විදිහ බලන්නකො.. අම්මප මූට අර කොස්තගෙ උන් ගහපු එකෙත් වරදක් නෑ බලන් යද්දි.. බොරු කියන්න ඕන නෑනෙ මේ දැන් මටම මුගෙ හොම්බ කට සමතලා වෙන්න දෙන්න හිතුනා මාව එලවගන්න හදන නිසා..

ඌට රවපු මම අපේ හවුස් එකේ අය ඉන්න තැනට හෙමීට ඇවිද ගෙන එද්දි දැක්කෙ කොස්තගෙ යාලුව හශේන් මෙච්චර වෙලා මන් දිහා බලන් ඉදල තියෙන්නෙ කියලා..

එයාගෙ නලල බැන්ඩේජ් කරල..දෙයියනේ එදා මගෙ කීමට අර පොඩි උන් දෙන්න මෙයාගෙනෙ ඔලුව පැලුවෙ ගල් වලින් ගහල.. මන් හිතන්නෙ එයා දැනටම දන්නවා මමයි ඒ අසමජ්ජාති වැඩේ කරේ කියල..ඒකනෙ ඌ මාව කන්න වගේ බලන් ඉන්නෙ..

" අනුශ පුතා..."

" මිස්..."

" පොඩ්ඩක් මෙහෙට එන්න..."

සර්ල මිස්ල පුටු ටික වට කරන් බර කතාවක ඉන්න අතර සෞඛ්‍ය මිස් මාව දැකල මට එයාල ලගට එන්න කියද්දි මගෙ හිත කිව්වෙම ආපු ගමන් ගූ ගොඩක් උබට සෙට් වෙන්න යන්නෙ කියලා..

නේත්‍රා 👁️ ( Slow Update )Where stories live. Discover now