රෑ පුරාම 143න ගැන මම හිතුවා.. කොච්චර හිතුවද කියනව නම් අන්තිමට මට ඔලුවෙ කැක්කුමකුත් ආවා කොස්තගෙ ඉලක්කම් ඉගියක් හන්ද...
ඇත්තටම මම ඔය එක එක ඉගි මහ ලොකුවට දන්නෙ නෑ.. මොකද මම චූටි කාලෙ ඉදල ගියෙත් පොඩි ඉස්කෝලකට ඒ ඉස්කෝලෙ හිටියෙත් මරි මොංගල් කොල්ලො ටිකක්නෙ..උන් නිසා මම ඔය පොඩි පොඩි කුනුහරප ටිකක් ඉගන ගත්ත මිසක්ක ඉගි බිගි ඉලක්කම් ගැන ඉගන ගෙන නෑ අප්පා.. අලුත් ඉස්කෝලෙ උන් නම් ඉතින් පැහිලනෙ නප්පෙටම.. උන් දන්නෙ නැත්තෙ මොනාද ඉතින්.. සමහර විට කුපාඩි විදුරය ඉලක්කම් සීන් එක ගැන දන්නවා ඇති..කොයි කටත් හෙට ඌට කෝල් එකක් දීල බලනවා කියල හිතාගෙන මම නිදා ගත්තෙ හෙන ගේමක් දීල.. මොකද එක දෙක වෙනකන් ඇහැරන් ඉන්න එකාට පුළුවන් යැයි එකොළහ දොළහට නිදාගන්න..
-
-
-
-
-
-
-" සුදූ..."
" ම්හ්ම්..."
" නැගිටින්න ළමයො..."
" තව ටිකක් මෙහෙම ඉන්න දෙන්නකො අම්මා..."
" ආහ් මේක මාර වැඩක් උනානෙ දැන්.. අප්පච්චි පිට දාල උබ කම්මැලි කමට ඉස්කොලෙ නොයා ගෙදර ඉන්නවනේ සුදූ...ආ බලපිය වෙලාව දහයත් පහු වෙලා.. වෙනදට මේ වෙලාවෙ ඉස්කෝලෙ පාඩම් වැඩ කරනවා ඇත්තෙ.. ඒකට දැන් පස්ස උඩ දාන් නිදගෙන ඉන්නෙ උපාදිය අරගත්ත නෝන මහත්තයෙක් වගේ.."
අම්ම මගෙ කාමරේට ඇවිත් මාව නැගිට්ටවන්න යද්දි මම කන් කෙදිරි ගෑවෙ කියපු පලියට ඇස් ඇරගන්න බැරි හන්ද..
එයා කිව්ව ගමන් නැගිට්ටෙ නැති එකට මල පැන්න අම්මා කෝච්චිය වගේ කියවගෙන කියවගෙන යද්දි මම නිදි ගැට කඩ කඩ එයා දිහා බැලුවෙ මූණත් බෙරි කරන්..
" ඔය තරම් කියවන්නෙ මම මේ ගෙදර මිනිස්සුන්ට බරක් නිසානෙ.. හරි හරි හෙට ඉදල මම යන්නම්කො ඉස්කෝලෙ.. එතකොට හරිනෙ.."
" ආහ්.. දැන් උබව අපිට බරක් කියල කොයි වෙලාවෙද මම කිව්වෙ කියපන්කො බලන්න.. අනේ මේ සුදූ උබ මේ අම්මට බොරු කරන්න නම් හදන්න එපා.. දැන් මම කෑ ගැහුව පලියට හෙට දුවන්න ඕන නෑ ඉස්කෝලෙ..සදුඳ ඉදලම යනවකො.. හැබැයි ආයෙ එක දවසක් ගෙදර ඉන්න බෑ හොර ලෙඩ අරගෙන...තේරුනානේ...."
YOU ARE READING
නේත්රා 👁️ ( Slow Update )
Fanfictionජීවිතේ ප්රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️