~ 14 ~

920 158 44
                                    

පහුවදා උදේ මම නැගිටල වොශ් එකක් දාගෙන යුනිෆෝම් එකත් ඇඳගත්තයින් පස්සෙ අම්මා තේ එක අරගෙන මගෙ කාමරේට ආවෙ..පාන්දර එක දෙක වෙනකන් විදුරය කියපු මගුල් ඇප් එකේ කතා කියවපු මම අරූගෙ පලු යව යව නිදා ගත්තට මොකද පැය දෙකක් යන්න නෑ මට අහම්බෙන් ඇහැරුනා..

වෙනද වෙලාවට නැගිටින අම්මටත් නින්ද ගිහින් තිබ්බ නිසා මම අම්මටයි අප්පච්චිටයි කරදර නොකර හිටියෙ..ඒත් හරියටම හයට කිට්ටු කරල අම්ම මගෙ අතටම තේ එක දීල කුස්සියට දුවල ගියේ මාළු හොද්ද ලිපේ නිසා..මොකද අම්ම එහෙ මෙහෙ වෙනකන් ඉදල අපේ ජබ්බියා ඒ කිව්වෙ පූස් තඩිය ඔය ඇරල දාල තියන හට්ටි වලට පැනල කුස්සියම විනාස කරල දානවා.. ඕක මේ ගෙදර අයගෙ හුරතලේට හැදිල අහින්සකය වගේ හිටියට මොකද හෙන දගයා.. ඒ උනාට මම විතරක් නෙමෙයි අපේ ගෙදර අය ඔක්කොම ආදරෙයි ජබ්බියට.. ඌ සතෙක් උනාට අපෙ ගෙදර අයට ජබ්බියව දරුවෙක් වගේ තමයි.. මොන තරම් දග වැඩ කරත් මමයි අයියයි නම් ඒකට අත උස්සන්න ගිහිල්ල නෑ.. හැබැයි අපෙ අම්මගෙ අතට මගෝඩි වැඩක් කරල අහු උනොත් ඉතින් කොස්සෙන් හරි ඒකට ගහයි..අප්පච්චි නම් ඉදල හිටල තමා ජබ්බියට ගුටියක් දෙකක් දෙන්නෙ..හැබැයි ඉතින් ජබ්බිය දන්නවා අම්මයි අප්පච්චි එයාට පාරක් දෙකක් ගහන්නෙ ආදරේට කියලා.. අන්න ඒ නිසා ඒකගෙ සමහර මගෝඩි වැඩ අදටත් නවත්ත ගන්න බැරි වෙලා තියෙන්නෙ අපිට..

" බත් මුල් දෙකක්ම තියෙනවා ඔතන.."

" ඒ මොකටද අම්මා.."

" උබට කිට්ටු යාලුවෙක් ඉන්නවනෙ.. ආන් ඒ දරුවටත් එක්ක තමා මම තව බත් මුලක් දුන්නේ..."

කාමරෙන් එලියට බැග් එකත් කරේ එල්ලගෙන ආපු මට කුස්සියෙ ඉදල දුවන් ආපු අම්ම බත් මුල් දෙකක් දුන්න විදුරයටත් එක්ක..

අද ඉතින් අරූට රජ සැප තමා.. මේ බත් එකත් කාල තව කැන්ටිමෙන් බනිස් ගෙඩි දෙකකුත් ගිලී.. ඌට නම් කොච්චර කෑම කෑවත් ඇති වීමක් නෑ.. බඩජාරි කම වැඩී ඕකගෙ හැමදේකටම වැඩිය..

" අහ්..මම දෙන්නම්කො ඌට මේ බත් එක අපෙ අම්ම දුන්න කියලා.."

මම කියපු දේට අම්මගෙ මූණෙ ලස්සන හිනාවක් මතු වෙද්දි මන් එයාගෙ අතින් බත් මුල් දෙකත් අරන් අම්මට දණ ගහල වැදල කරේ තියන බෑග් එකට බත් මුල් දෙක දාගෙන වැරැන්ඩ එකට එද්දි අප්පච්චි ඉන්නවා වත්තෙ පොල් ගහ දිහා බලාගෙන බර කල්පනාවක වැටිලා..

නේත්‍රා 👁️ ( Slow Update )Where stories live. Discover now