I_Love_You
I_Love_You
I_Love_you
ඕන් ඔය වචන ටික මගෙ ඔලුවට පුදුම තරම් වද දුන්න මේ ගෙවුන දවස් කීපයෙම..එදා විදුරය 143 තේරුම කිව්වත් හරි මට දැන් කන්න ගියත් බොන්න ගියත් අඩු තරමෙ ලැට් එකට ගියත් ඔය මල රෙද්ද ඉබේම මිමිණෙනවා..
ඒ මදිවට Carry කොස්තගෙ මූණත් මැවි මැවි පේනවා පේනවා වගේ මේ ටිකේ.. මට අසනීපයක්ද කියලත් අම්ම මේ දවස් කීපයෙම දෙතුන් පාරක්ම ඇහුවා.. ඇයි මම නිකන් උලමා වගේ කටත් ඔහෙක් කරන් බලාගත්ත අත බලාගෙන විදුරය කිව්ව i love you එක ගැන කල්පනා කරානෙ..
ඇත්තටම මම හිටියෙ ලොකු ශොක් එහෙක..ඇයි කිව්වොත් අනේ මගෙ ජීවිතේ පළවෙනි වතාවට තමයි මෙහෙම කොල්ලෙක්ගෙන් i love you කියල අහගත්තෙ.. ඒකත් මේ ඉලක්කම් ඉගි වලින්..ඌටත් කෙලින් කියාගන්න බැරි කමටනෙ ඉලක්කම් එවල තියෙන්නෙ..එතකොට හිතන්නකො මෙලෝ මල රෙද්දක් ඒ ගැන දැනගෙන හිටපු නැති මට මගෙ යාලුවා තේරුම පැහැදිලව කියද්දි දැනුන ලැජ්ජාව..හනේ මට එවෙලම හිතුනෙ ඇඳ පොල්ලක් ගලවල අරගෙන මගෙ ඔලුවටම තඩි බාගන්න..
මොකද කිව්වොත් උගෙන් ඔය බඩකඩිත්තුව ගැන අහන්න ගිහින් උගෙන් මට අහන්න උන පඩත්තල කතා තොගේ.. හනෙ හප්පොච්චියේ මගෙ රෙදි ලෙෆ්ට්..අපේ ගෙදර උන්දැල ඌ කියන අවලම් කතා අහගෙන හිටිය නම් එහෙම මාව මාළු කපනවා වගේ කපලා ඇළකට ගිහින් අතාරිනවා එහෙම නැත්තම් උන්දැල ඉස්සරහ මිදුලෙම ලොකුවට වලක් හාරගෙන වැලලෙනවා..
ඇයි අනේ.. අරූ කිව්වෙ අහන් ඉන්න පුළුවන් කතාද කියන්නකො.. අර i Love you එකට මේ ගස් බල්ලා මාවයි කොස්තවයි බන්දල අපිව හනිමූනුත් යවල අපිට බබාලත් දීල උන්ට නමුත් දාල ඉවරයි කියන්නකො..ඔය කුනුහරප සේරම මම එදා අහන් හිටියෙ ඇතුලින් පිච්චි පිච්චි..
" සුදූ.."
" අ...ම්මා..."
" දැන් කීපාරක් කතා කරාද ළමයො..කීයෙ ඉදලද ඔය කණ්ණාඩිය ඉස්සරහට වෙලා කොණ්ඩයක් අල්ලන් ඉන්නෙ..."
හරිනෙ අමාරුව.. මම මෙච්චර වෙලා කණ්ණාඩිය ඉස්සරහ හිටගෙන කොණ්ඩෙ හද හද හිටියෙ කියලත් අමතක උනානෙ විදුරය කියපු ලබ්බක් ගැන හිතන්න ගිහිල්ලා..
YOU ARE READING
නේත්‍රා 👁️ ( Slow Update )
Fanfictionජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️