~ 23 ~

866 114 57
                                    

" සුදූ....සුදූ..."

" ම්හ්ම්ම්ම්..."

" හුකු හුකු නෙමෙයි නැගිටපිය ඉක්මනට.. හයා මාරයි වෙලාව..."

මාව ඉද්ද ගැහුව වගේ කෙලින් උනේ අම්මා කන ලගටම කරල කිව්ව කතාවත් එක්ක..

" මොකක්...දෙයියනේ අම්මා මට ඉස්කෝලෙ යන්න පරක්කු වෙලා හොදටම...ඇයි අනේ මාව නැගිට්ටුවෙ නැත්තෙ..."

" උබ හීන ලෝකෙ අතරමන් වෙලා හිටියට මම මක් කොරන්නද.. දහ පාරකට වැඩිය කතා කරා..කොහෙද මගෙ අතත් ගසල දාල අනිත් පැත්ත හැරුනෙ..."

" මේ මම..."

" නෑ උබෙ වාහෙ...මෙන්න මේ තේ එක බීල ඉක්මනට ලෑස්ති වෙයන්..."

විලි ලැජ්ජාවයි සන්තෝසයි කිව්වලු.. එතකොට ඒක හීනයක්ද දෙයියනේ...නෑ නෑ වෙන්න බෑ එයා මාව කිස් කරත් එක්ක.. හීනෙකින් මට ඔය වගේ විකාර පෙනෙයිද කියන්නකො..අනික මම ස්ට්‍රේට් එතකොට කොහොමත් කොල්ලෙක් ගැන ඔහොම විකාර හීන පේන්නෙ නෑනෙ.. ම..ගෙ තුන් හිතකවත් කොස්ත ගැන එහෙම අදහසක් නැත්තම් ඇයි වදේ මට මේ වගේ වලත්ත හීන පේන්නෙ..

මම දහ අතේ දැක්ක හීනෙ ගැන හිතද්දි අම්ම මටත් රව රවා කාමරෙන් එලියට යන්න ගියා..

කොස්තයි මායි අතර හීනෙකදි උනත් වෙච්ච සිද්දිය මට ඇත්තටම වෙච්ච දෙයක් වගේ දැනෙන්න ගත්ත නිසා මගෙ අතේ හීන් දිගටි ඇඟිලි ටික ගියෙ ලා රෝස පාට මගෙ තොල් වලට..

කිස් කරානෙ එයා..

මගෙ කටින් එහෙම මිමිණුනේ හීනෙ අන්තිමට දැක්ක කිස් එක සැරෙන් සැරේ මට මතක් වෙන්න ගත්ත නිසා..

එපා අනුශ එපා ඕක ගැන නම් හිතන්න එපා..ඊයෙ උබගෙ කම්මුලට අවසරයක් නැතුවම ඒක කිස් කරපු බව ඇත්ත එහෙමයි කියල හීන අස්සෙත් ඕකව මවාගෙන නිකරුනේ වල් වෙන්න එපා බං..දැන් ඔය මූසලය ගැන අමතක කරල දාල ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙයන් තේ එක බීල..

කුනු කෙල පෙරාගෙන හිටපු මම මේසෙ උඩ වෙනද වගේම ඇල් වෙලා තිබ්බ තේ එක ගුඩුස් ගුඩුස් ගාල බීල ටවල් එකත් අරන් පිළිකන්න පැත්තට ගියෙ අම්මා මොනාද කරන්නෙ කියල බලන්න කුස්සියටත් ඔලුව පොඩ්ඩක් දාගෙනම..

නේත්‍රා 👁️ Where stories live. Discover now