මම එයා යන දිහා බලා ගෙන ඉන්න කොට කොහේ දෝ ඉදලා අපතයෙක් මගේ මූණ ඉස්සරහට කඩාගෙන පැන්නා...
" මොකක්ද ඕයි... උඹ තෑග්ග අරකිට දුන්නද? මම දැක්කෙත් නෑ බං උඹ තෑග්ග දෙනවා... "
" හරි... හරි... බං නහයෙන් අඩන්න එපා... ඔහොම පොඩ්ඩක් හිටපන්කෝ එහෙනම්... "
රෙනාෂා මූණ දෙක කරන් තෑග්ග දීපූ විදිහ දැක්කේ නෑ කියද්දී මං ඔළුවත් කසන ගමන් කල්පනා කරේ මොකක්ද දැන් කරන්නේ කියලයි... කොහොමත් මේකට මුකුත් නොකරොත් මට කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ... ඒක නිසා දස අතේ කල්පනා කරපු මට පොඩි අදහසක් ඔලුවට ආවා... ඒ තමයි ආයේ පෙර සිදු වූ සිද්ධිය නැවත රග දක්වන්න ඕනා කියන හෙන ගොං නමුත් හිත යටින් ආයේ ඒ දේ කරන්න කියන අදහස යි... ඒක නිසා මම හිත සන්සුන් කරගන්න ගමන් මගේ සියලු හැගීම් බෑග් එකට දාලා ශිප් එකෙන් වහූවා... නැත්නම් ඔවා ආයේ රඟ දක්වන්න බෑ හලෝ... හා නැද්ද... හැගීම් ටික බෑග් එකට දාලා මම යශෝධා ළගට හිමින් සැරේ ගාටන්න ගත්තා...
" මේ යශෝධා... ඔයාට මම දීපු ගිෆ්ට් එක පොඩ්ඩක් දෙන්න පුළුවන්ද? "
මම එයා ළගට ගිහින් එහෙම කියද්දී එයා බෑග් එකට දාලා තිබ්බ තෑග්ග එළියට අරගෙන මට දුන්නා... මම ඒත් එක්කම අර ගෝති මේ සුන්දර වූ දසුන නරඹනවද කියලා බලන ගමන් ඒකිට ඇහෙන්න කතා කරා...
" දැක්කේ නැති එවුන් හොදට දෑස් විවර කර බලා ගන්න... "
" හැපි බත් දේ යශෝධා... "
" තැන්ක් යූ... ඒත් ඇයි මේ... "
එයා මොකක්ද මේ ආයේ වෙන්නේ කියලා අහද්දී මම එයාට මල් මල් හිනාවක් පා කරලා යැව්වා...
" නෑ මේ නිකන්... "
එයා සුපුරුදු හිනාව මට දෙද්දී මම එයා ඉන්න තැනින් එන්න ආවේ අර ගෝති ඉන්න තැනට... ඔය ඉන්නේ කලාඹරයට හෙන ගහලා වගේ...
" මොකෝ උඹ දැනුත් දැක්කේ නැද්ද... "
මම එහෙම අහද්දී මේකි බෑග් එකත් කරට දාගෙන පන්තියෙන් එළියට ගියා කියන්න කෝ... මම ඒත් එක්කම මොකක්ද ඒ වුණේ කියලා මොළයට ප්රෝසෙස් කර ගන්න ගමනුයි හිටියේ... සිරාවට මම ඒකිගෙන් ඒ වගේ රිඇක්ෂන් එකක් බලා පොරොත්තු වුනේ නෑ... කමක් නෑ ඕන ලබ්බක්... මට ආයේ වතාවක් එයාට තෑග්ග දෙන්න පුළුවන් වුනානේ...
YOU ARE READING
•♪°මවිතයකි ඔබේ හඬ°♪• ( On Hold )
Kurgu Olmayanසමහරුන්ට ඒ හඬ පිළිබඳව කැමත්තක් විතරක් ඇති වෙද්දී... මම ඒ හඬට පිස්සෙක් වගේ ආදරය කරා කිව්වොත් පිළිගන්නවාද මැණික... ඔයා වෙනුවෙනුයි මේ හදගැස්ම ගැහෙන්නේ... මේ ගැහෙන හද ගැස්ම දැනෙනව ද මගේ පණ... ඔයා මාව පිස්සෙක් කරලා... මං ඒ තරමට ඔයාට ආදරෙයි රත්තරං...