දෙනුවන් නිර්මලට ලියාපු ලිව්ම් කඩදහිය රෙදි කබඩ් එක අස්සට ගහලා ගියෙ කෑම කන්න. ඊයේ රෑම ලොකු බේබියි දෙනුවනුයි දෙව්මියි වලව්වෙන් ගියෙ ලොකු මැණිකෙයි ලොකු හාමුයි එක්කලා ලොකු වලියක් අල්ලලා. දැන් එයාලත් නැති නිසා මුළු වලව්වම පාළුවට ගිහිල්ල තියෙද්දි නුරාද නම් තාම දන්නැතු ඇති එයාලා ගිහිල්ලා කියලා.
මන් කුස්සියේ පැත්තට යනකොට කමනි නැන්දා මූණත් එල්ලගෙන පිටි කොටනවා. එයාටත් අද උදේ ආපු හැටියේ ලොකු මැණිකේ හොදටම බැන්නේ එයාගේ ළමයා නිසා දෙනුවනුත් නරක් වුනා කියලා.
" කොලුවෝ ඉදින්කෝ පොඩ්ඩක් මන් කහට එකක් වක් කරනකම්. පොඩි බේබීට ඒක ගිහිල්ලා දෙන්න "
නැන්දා මෝල් ගහ පැත්තකින් තියෙලා කහට වක් කරනකොට මන් මෝල් ගහ අරන් පිටි කොටන්න ගත්තා.
" අද කැම්පස් නැද්ද පුතේ "
" සෙනසුරාදට නෑ නැන්දේ "
" මට සිහියවත් නෑ නේ කොල්ලෝ අද සෙනසුරාදා කියලා. "
ලොකු හුස්මක් පාත දාලා කමනි නැන්දා මට කහට කෝප්පේ දෙද්දී මන් ඒකත් අරන් ගියෙ පොඩි බේබීගේ කාමරේට. මන් යනකොට ඇදෙ ඉදගෙන ඈනුම් ඇර ඇර ඔලුවත් කස කස හිටපු පැටියා හිනා වෙලා ඇදෙන් බහින්න හැදුවේ පොඩි බේබී ගෙම්බා පොලේ ගැහුවා වගේ නිදන් ඉද්දී.
දුම් දාන කහට කෝප්පේ පැත්තකින් තියාපු මන් පැටියත් වඩා ගෙන ඇදෙ බිත්තියේ අයිනටම ගිහිල්ලා හුරතලේට හාදු දීගෙන දීගෙන ගියෙ චූටියා හිනා වෙවී මයෙ ඔලුවෙන් අල්ලද්දී.
" කෝ ඉතින් අයියට උම්මා නැද්ද ම්. මන් එහෙනම් ඔයාගේ අප්පච්චිගෙන් වත් උම්මා ගොඩක් ඉල්ල ගන්නම්.. ආ..... ව්... වා "
මයෙ පස්සට චටාස් ගාලා අතුල් පාරක් වැදුනු හැටියේ ගැස්සිලා ගිහිල්ල බැලුවේ අපිට එහා පැත්තේ නිදන් හිටිය බේබී දිහා.
" පැටියට මොනාද ඔය කියන කතා.. ම් උබ තමයි මේකවත් නරක් කරන්නේ "
" ඇහැරියාද "
" නැත්තන් මෙතැන අයියා මලෝ එක්කහු වෙලා ඇදෙ නටද්දී මන් කොහොමද නිදා ගන්නේ "
YOU ARE READING
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -