එය දා වෙයි හි, චිං යුඈන් රාජ වංශයේ හැට තුන් වන වසර වූවේය. මාර්තු මාසය වූ බැවින්, වසන්තය එහි උච්චතම අවස්ථාවේ විය. වර්ෂා පොදය මීදුම සමග නගරය වසා ගත් අතර, අතොරක් නොමැති වැහි බිඳු ඇඳ හැලීම නිසාවෙන් පොළොව මඳක් තෙත සහිත වී තිබුණි.ජින්ග් චෙන්ග් හි, ෂූ පවුලේ නිවසේ වහල උළුකැට වර්ෂාවෙන් පසු බැබලූ අතර පැහැදිලිව තිබුණේ පිරිසිදු සහ තේජාන්විත වියමනක් නිර්මාණය කරමිනි. යුන් ජොවූ හි සිට පැමිණ තිබූ එම උළුකැට අඩ සඳක හැඩැති විය. කියමන වූයේ ඒවා දිදුලන සඳ ආලෝකය පිරි රාත්‍රියක කණා මැඳිරියන්ගේ ආලෝකයෙන් ආලෝකමත් වී ඇතිවාක් මෙන් දිස් වූ බවයි. උළුකැට නිර්මාණය කිරීමේ පිළිවෙළ වඩා සංකීර්ණ වූ අතරම ඒවා බරැති මිලක් සමග ආවේය. මෙම උළුකැට වලින් නිර්මාණය කළ සම්පූර්ණ වහලයක මිල, සාමාන්‍ය පවුලක දශකයක වෙහෙස මහන්සියට සමාන විය.
කෙසේවුවත්, අග නගරයේදී ෂූ පවුලේ සේද සහ සැටින් ව්‍යාපාරයට මුළු රට පුරාම ඉල්ලුම පැවතුණ අතර අඬ සඳ උළුකැට වලින් සෑදුණ සම්පූර්ණ වහලයක මිල ඔවුනට බඳුනක දිය බිඳක් මිස අන් යමක් නොවුණි. කුමාරයාගේ ගෞරවනීය ගුරුවරයා වූයේ ෂූ නිවසේ ස්වාමියා ය. ඔහුට පුතුන් දෙදෙනෙකු සිටියේය. ඔහුගේ වැඩිමහල් පුත්‍රයා, ෂූ ජී හෙන් කැපී පෙනෙන ලෙස දක්ෂ වූ අතර හන් ලින් විද්‍යාතනයේ ශිෂ්‍යයෙකු වූවේය. කුඩා කල සිටම, ජින් චෙන් හි අගනගරයේ සෑම දෙනාගේම ප්‍රශංසාවට භාජනය වූවේය. ෂූ ජී හෙන් දහ අට හැවිරිදි වූ විට ඔහු ජෙනරාල්වරුන්ගේ පවුලක තරුණ කාන්තාවක් හා විවාහයට පත් වූයේය. හේ පවුලේ දෙවැනි ස්වාමියාගේ පළමු දියණිය, හේ යැන්, ඔහුගේ භාර්යාව විය. හේ පවුලේ වැඩිමහල් ස්වාමියාගේ පළමු පුත්‍රයා, හේ රූ ෆෙයි හට අධිරාජ්‍යයා විසින්ම 'ජෙනරාල් ෆෙයි හොන්ග්' යන නාමය ත්‍යාග කරන ලදි. ශිෂ්ට ගුණධර්ම පිරි අයෙක් සමග යුධ හැකියාවන් පිරි අයෙක්, යන මෙම දෙදෙනාගේ විවාහය ඉන්තේරුවෙන්ම පරිපූර්ණ එකතුවක් විය.
"ෆූරෙන් (මැතිණිය/ආර්යාව යන අරුත ගෙන ඒ), ඔබට අවශ්‍ය තවත් කුමක් හෝ තිබෙනවාද?" තුනී ඇඳුම් හැදගෙන සිටි කුඩා සේවක දැරිය උණු තේ බඳුනක් ලබා දෙද්දී චතුර හඬකින් ඇසුවාය.
YOU ARE READING
Rebirth of a Star General - සිංහල පරිවර්තනය
Actionපුරාණ කියමන මෙසේය: බොහෝ ඇමතිවරුන් ගුආන් දොන්ග් වලින් පැවතගෙන එන අතර, බොහෝ ජෙනරාල්වරුන් ගුආන් ෂී වලින් පැමිණෙයි. හේ යැන් උපන්නේ තරු ජෙනරාල්වරයෙකු වීමට ය. ඈ ඇගේ පවුලට පයට පෑගෙන ගලක් තරම් වූ අතර, ඇගේ සහෝදරයාට ආදේශකයක් ලෙස යොදාගන්නා ලදී. මිලේඡ්ඡයින් නවත...