හේ යැන් ඔහුට කියූ අවසන් වදන් කිහිපය හේ යුන් ශෙන්ග්ගේ මනසේ පැලපදියම්ව තිබුණි.
"යුන් ශෙන්ග්, ඔබට පාසල් යෑමට උවමනා නැතිද?"
නිසැකයෙන්ම ඔහුට පාසල් යෑමේ දැඩි ආශාවක් තිබුණි. විද්‍යාතනයේ විද්‍යදරයන් සහ යුධ කලා පරීක්ෂකවරුන් සිටින අතර ඔහුට සම වයසේ ශිෂ්‍යයින් හා ඉගෙනීමට හැකියාව ලැබෙන්නේය. ඔබට ඔබ මත රඳා පැවතෙමින් විභාගයන්, ශිෂ්‍යත්වයන් සහ භෞතික පරීක්ෂණයන් මගින් ස්ථිර රැකියාවක් ස්ථාපිත කරගැනීමට හැකි වන්නේය. අනෙක් අතට, කිසිදු පෙර සූදානමකින් තොරව වංචනික අයුරින් ඔබේ වාසනාව උරගා බැලීමට සිතන්නේ නම් මරණීය ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමටද සිදු වන්නේය.
අතීතයේදී, ඔහුගේ පවුල දිළිඳුව, සාගින්නෙන් සිටියත් දැන් ඔවුනට මුදල් තිබේ. යුන් ශෙන්ග්ගේ හදවත් පත්ලේ තැන්පත් කර මර්දනය කර තිබූ අපේක්ෂාවන් ක්‍රමයෙන් මතුපිට පා වෙන්නට පටන් ගත්තේය.
ඔහු තමා පසෙකින් ගමන් කළ තරුණිය දෙස හොරැහින් බැලුවේය. හේ යැන්... ඇගේ සුවපත් වීමෙන් අනතුරුව පවුල තුළ වූ බොහෝ දේ හොඳ තත්වයකට පත් වූ බව ඔහුට දැනුණි. ඔහුට තව දුරටත් ගැඹුරු ආධායක වූ බරැති, ගලා නොබසින ජලයේ සිටිනවාක් මෙන් නොදැනුණි. නොදන්නා මොහොතක, මඳ රළ නංවමින් සැහැල්ලු සුළඟක් ජලය මතින් හමා ගියේ, පැරණි තාලයේ ආවේගයන් මකා දමා වසන්තයේ වර්ණයන්ගෙන් වර්ණවත් කරමිනි.
එය වසන්ත කාලයයි.
හේ යැන්ට ඔහුගේ විනිවිද යන සුලු බැල්ම දැනුණ අතර හදිසියේම ඇය ඇගේ මුහුණේ වූ ආවරණය කළ වේල් පට අල්ලා ගත්තාය. "පියාණන් හමුවන තුරු කිසිවක් හෙළි නොකිරීමට අප දැනටම එකඟ වුණ. තේරුණාද?" ඇය තවත් වතාවක් අනතුරු ඇඟවූවාය.
"...හොඳයි." හේ යුන් ශෙන්ග් පිළිතුරු දුන්නේය.
හේ යැන් කිසිම දිනෙක යුධ පිටියේ බටහිර අන්තයේ නගර ද්වාරය වෙත ගොස් නොතිබුණාය. අග නගරයට යලි පැමිණීමට ඇය යුද හමුදාවෙන් පැමිණි විගස හේ රූ ෆෙයි ඇය වෙනුවට ආදේශ වූවේය. ඉන්පසු, ඇයට කෙදිනකවත් 'ජෙනරාල් ෆෙයි හොන්ග්' හා සබැඳුණු ක්‍රියාවන්ට සහභාගී වීමට නොහැකි විය. ඇයට හැකි වූවේ ෂූ පවුලේ මී මිත්තණිය හා කලාතුරකින් ඇවිදීමට යාමේදි එය අසලින් යාමට පමණකි. එවන් අවස්ථා වලදී හේ යැන් හට බොහෝ ලැදියාවක් දැනුණී.
YOU ARE READING
Rebirth of a Star General - සිංහල පරිවර්තනය
Actionපුරාණ කියමන මෙසේය: බොහෝ ඇමතිවරුන් ගුආන් දොන්ග් වලින් පැවතගෙන එන අතර, බොහෝ ජෙනරාල්වරුන් ගුආන් ෂී වලින් පැමිණෙයි. හේ යැන් උපන්නේ තරු ජෙනරාල්වරයෙකු වීමට ය. ඈ ඇගේ පවුලට පයට පෑගෙන ගලක් තරම් වූ අතර, ඇගේ සහෝදරයාට ආදේශකයක් ලෙස යොදාගන්නා ලදී. මිලේඡ්ඡයින් නවත...