12 - එක් රැයෙන් පොහොසත් වීම

4 1 0
                                    


හේ යැන් මුදල් සමගින් ආපසු නිවසට පැමිණියාය.

වාසනාවට, ඇය රිදී සහ අභරණ කොටස් තබා තිබූ පෙට්ටගම සොයනා විට චින්ග් මෙයි එය නුදුටුවාය. හේ යැන් එහි වූ අල්ප දෑ ඉවත් කිරීමෙන් පසු එම රාත්‍රියේ උපයාගත් සියලු ධනය එහි පිරවූවාය.

බාගදා ඒ රාත්‍රියේ ඇය විසල් මුදල් ප්‍රමාණයක් දිනූ නිසාවෙන්දෝ ප්‍රබෝධමත් මුහුණුවරකින් සිටි අතර හොඳින් නින්දට වැටුණාය. හේ යැන්, ඇය යටතේ වූ සොල්දාදුවන් හා සූදු කෙළියේ යෙදුණ පැරණි හොඳ දිනයන් පිළිබඳ සිහින දුටුවාය. "විවෘත කරන්න! විවෘත කරන්න!" ඇගේ සිහිනයේදී, මිනිසෙකු කෑගැසුවේය. හේ යැන් පැකිළෙන අයුරු දැකීමෙන් ඔවුන්ගෙන් අයෙක් ශබ්දයෙන් සිනාසුණේය: "ජෙනරාල්, කුමක්ද ප්‍රශ්නය? ඔබ නැවතත් පැරදුණාද?"

"ජෙනරාල් එක් වටයක් හෝ අද රාත්‍රියේ දිනුවාද?" නියෝජ්‍ය ජෙනරාල්වරයා ඔහුගේ හිස සැලුවේ පැහැදිලි කලකිරීමෙනි. "අහ්... ජෙනරාල් මෙහි දක්ෂ නැහැ."

"කට කට! 'සූදුවේ පැරදෙන මිනිසා ආලයෙන් ජයගන්න වග' ඔබලා අසා නැතිද? අපගේ ජෙනරාල් මේ වතාවේ පැරදෙන්නට ඇති නමුත් මං ඔබට කියන්නේ, ආලය සම්බන්ධ කාරණාවේදි ඔහුව ඇල්ලීමටවත් හැකි නොවේවී!"

එය ඇසුණු විට හේ යැන් කොක් හඬලා සිනාසුණාය.

සිනහා වනවිට ඇයට කිසිවෙකු හෝ තමා තල්ලු කරනවා දැනුණි. ඇගේ දෑස් වහාම විවෘත වූවාය. චින්ග් මෙයිගේ මුහුණ ඇය ඉදිරිපිට දර්ශනය විය. "මෙනෙවියනි, ඔබ යම් සුභ දෙයක් සිහිනෙන් දුටුවාද? ඔබ නිදා සිටියදී සතුටින් සිනහා වූවා."

කවුළුවෙන් පෙරී ආ හිරු එළිය නිසාවෙන් කුටිය ආලෝකයෙන් පිරී තිබුණි. හේ යැන් ආලෝකයෙන් මිදෙන්නට සිය අතකින් ඇගේ මුහුණ වසාගත්තාය. ඇතුළාන්තයෙන් ඕ තිගැස්සී සිටියාය. මෙතරම් ප්‍රමාදව අවදි වූ පළමු අවස්ථාව එය විය.

වසන්තයේ දිනයන් නින්දට වැටීමට බොහෝ සුවපහසුදායී වූවේය.

ඇය දුටු සිහිනය නැවත මතකයට නැගුවාය. එදවස, මිනිසුන් ඇගේ ආදර ජීවිතය සාර්ථක වේවි යැයි ඇයව අස්වැසුවත්, තමුන් කෙතරම් වැරදිදැයි කිසිදු අදහසක් ඔවුනට නොතිබුණි. සමහරවිට, ඇය පෙර දිනයේ වට කිහිපයක් දිනුවේ ඇගේ විවාහ ජීවිතය අසාර්ථක වූ නිසා විය හැකිය.

Rebirth of a Star General - සිංහල පරිවර්තනයWhere stories live. Discover now