07 වන කොටස

1K 199 3
                                    

" මිලර්... "

" ප්‍රශ්නයක් නැහැ බන්... ඔය මොනා හරි ගෝස් කැල්ලක් එහෙම තියෙනවා නම් ගනින් පොඩ්ඩක්... මේ ලේ එන එක නතර කර ගන්න "

මේසේ ඔලුව ගහන් හිටිය මන් විශාල්ට කතා කරලා මොනා හරි ගෙන්න කිව්වා... ප්‍රශ්නයක් නැහැයි කිව්වත් ඔලුව රිදෙනවා... පැලිලා ද කොහෙද... ඒ උනාට දැන් හොස්පිට්ල් යන්න බැහැ... හේතුව මුන් මැහුම් දාන්නවත් ඔනා කිව්වොත්... අනේ අම්මේ මට නම් බැහැ...

මොන තරම් පරික්ෂණ කරත්... කැලි කැපිලා වෙන් වෙලා ගිහින් තියෙන බොඩි මොන තරම් දැක්කාත්... මට මොනා හරි උනා ම එක දරා ගන්න අමාරුයි...

මන් ජොබ් එකේ දී පරික්ෂණ කරන්න මිනියක් කැපුවත් මගේ ඇගට මැහුම් දාන කොට මට අමාරුයි... දවසක් මහෝධර්ගේ අත ලේ එන්නම හැපුවා... හැබැයි ඉතින් එකත් පොඩි කාලේ... ඒ යකා මට බැට් එකෙන් ගහලා ඔලුව පැලුවානේ... මෝඩ මිනිහා

" ෆොන් එක ආන්... මොකද්ද උනේ මේ ලේ එන්නේ කොහොම ද "

එයාගෙයි මගෙයි අතීතේ මතක් වෙලා හිනා වෙන ගමන් හිටිය මන් ඉස්සරහා බැලුවේ හුරුපුරුදු කටහඬ නිසා... කැපා ඇවිත්...

හැබැයි ආවේ නම් බනින්න බලාගෙන උනත් අතේ තිබ්බ ලේ ටික දැක්ක හොර පොලිස්කාරයා අඩියට දෙකට මන් ගාවට ඇවිත් මගේ අතින් අල්ල ගත්තේ මන් කැපා දිහා කටත් ඇරන් බලන් ඉද්දි...

ඊයේ මෝචරිය පැත්තේ කරක් ගහන කොට මුට මහාසෝනාවත් ගහලා ද... නැත්නම් ඉතින් පොඩි කාලේ මට ලේ එන්න ම ගහලා හිනා වුන මිනිහා දැන් මෙහෙම හැසිරෙයි ද...

" අතින් නෙමේ කැප්ටන්... ඔයාගේ හෙඩ් ඇවිත් අපේ මිලර්ව උස්සලා ගැහුවානේ බිත්තියේ... ඔය ඔලුව පිටි පස්සෙන් එන ලේ... අර පෙන්නේ නැද්ද බිත්තිය එකේ තියෙන්නෙත් ලේ "

මන් අවුලක් නැහැයි කියලා හංගන්න හැදුවත්... පුළුන් වගයක් උස්සන් ආව විශාල් එයාගේ හෙඩ් කෙරුව හදිය ගැන කියන්න ගත්තේ මහෝධර් ඇස් දෙකත් රතු කරගෙන මන් දිහා බලන් ඉන්න කොට...

" මේ මොකද... කොහෙද මාව ඇදන් යන්නේ... කැප්ටන් "

දැන් මේ මිනිහා මාව හොස්පිට්ල් එක්කන් යයිද... මොන පිස්සු ද... දා ගන්නවා නම් බෙහෙත් දාගනින් කියලා මේ යකා ගෙදර යයි... මන් නොදන්නවැයි මගේ මෝඩ කැපා ගැන

එත් අරුම පුදුම දේ නම්... මගේ අතින් අල්ල ගත්ත කැපා මාවත් ඇදන් එලියට ආවේ විශාල් එක තැනම ගල් ගැහිලා බලන් ඉද්දි... ඌට වඩා මන් ඉන්නේ ශොක් වෙලා... මොකද්ද මේ උනේ කියලා හිතා ගන්න බැරිව... ඇත්තටම මොකද්ද මේ වෙන්නේ...

" මිලර්ගේ කැපා ඉන්නේ ඩියුටි වල මිසක් ඩියුටියෙන් පිට ජීවත් නෙමේ... මන් උඹේ මිනිහා රාම්... වරෙන් යන්න උබේ ඔලුව බෙහෙත් දාන්න "

" මො... ක... ක්... මට බැහ් "

කැප්ටන් එයා මගේ මිනිහා කිව්වා... මන් දන්නවා කැප්ටන් කියන්නේ නමට මගේ මිනිහා කියන්න එත්... එත් එකෙන් එයාටවත් මටවත් කිසිම වැඩක් නැහැ... අපි දෙන්නාගේ බැඳිම නමට විතරයි... එහෙම නැතිව අපි අතර කිසිමදාක ආදර බැදිමක් ගොඩ නැගෙන්නේ නැහැ...

ඊටත් දැන් ආදරේ බල්ලාට ගියාවේ... මට බැහැ හොස්පිට්ල් යන්න... එහෙන් ම මාව ඇදන් යන කැප්ටන්ගේ අත හැපුව මන් මගේ අත නිදහස් කරන් ආයේ ම ලැබ් එකට දිව්වේ කැපා මාව බලෙන් ම උස්සන් ඇවිත් ජිප් එකෙන් ඉන්න කොට... අනේ මැහුම් දාන්න බැහැ...

එයා ඩ්‍රයිව් කරන ගමන් විඩෙන් විඩේ මගේ ඔලුව පිටි පස්සට අත තිබ්බේ එයා අත තියෙන හැම පාරකම එයාගේ අත රතු පාට වෙනකොට...

" ඔලුව පැලිලා නැහැ මනුස්සයෝ... මට කිසි අවුලක් නැ "

හොර පොලිස්කාරයා මට රවන්න අරගෙන තිබුනේ... දත් ටික ඔක්කොම එලියට දාලා එයාට විරිතුව මන් අවුලක් නැහැයි කියන කොට... මොන අවුලක් ද කිසි ප්‍රශ්නයක් නෑ... ටිකක් විතර කැරකිල්ල වගේ එච්චරයි...

" මැරුන් නොකා ඉදින් "

ඊළඟ පාර රවනවා වෙනුවට අල්ලන් කෑ ගැහුව මහෝධර් මට එයාගෙන් මැරුන් නොකා ඉදින් කිව්වා... ආයේ අමුතුවෙන් කන්න දෙයක් ඉතුරු වෙලා නැහැ... උඹත් එකක් අවුරුදු 04 මන් ජිවත් උනේ ම නොමැරි නොමැරි තමා...

අවසානේ එයාට ඔන මගුලක් කර ගන්න කියලා මන් අහක බලන් හිටියේ... එයා මගේ ඔලුවට මොකද්ද මන්දා තියලා එයා එක අතින් තද කරගෙන ම ඉන්න කොට... මේ යකාට අද මොනා යකෙක් වැහිලා ද කියන්න මට නම් තේරෙන්නේ නැහැ...
















































 මේ යකාට අද මොනා යකෙක් වැහිලා ද කියන්න මට නම් තේරෙන්නේ නැහැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙක සම්පුර්ණයෙන් ම මනඃකල්පිත නිර්මාණයක්...

08 න් හමුවන තෙක්...

CAPTAIN MILLER ✓Where stories live. Discover now