Breaking News :
" මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක් තවත් එක් හදුනා නොගත් මලසිරුරක් සොයා ගෙන ඇත... "
බොඩි එකක ලේ සාම්පලයක් චෙක් කරන ගමන් ඉදිය මන් ඔෆිස් කාමරේ තිබුන පැත්තට ඇහැ දාලා ටිවි එකේ යන නිවුස් එකට කන් දුන්නා...
ඒ පාර තවත් බොඩියක් හොයා ගෙන දැන් නම් මට මෙක ඇති වෙලා ගිහින් තියෙන්නේ... මේ මාසේට මේ හොයා ගෙන තියෙන හතර වෙනි බොඩිය... හරියට සතියට එකා ගානේ... සති හතරට මිනිස්සු හතරක්... මාස තුනයි දැනට මිනිස්සු දොලස් දෙනෙක්...
මහන්සි... පොලිසියට වඩා... මටයි මගේ ටීම් එකටයි මහන්සි... දොස්තර කෙනෙක් නොවි තියෙන පණ්ඩිතකමට මාත් ඇවිත් බැඳුනානේ මේ අපරාද පරික්ෂණ මගුලකට... උඹට තිබ්බා රාම් පශු වෛද්‍යවරයෙක්වත් වෙන්න...
" මිල්ලර් ආන් උඹේ කැපා "
විශාල් කැප්ටන් ගැන කියද්දි ආයේ ම පාරක් ටිවි එක දිහා බලපු මන් හුස්මක් පහත දාලා... චෙක් කරන ගමන් හිටිය ලේ සාම්පල් එක පැත්තකින් තියලා මේසෙට බර උනා...
එයාටත් මන් ඇරෙන්න අනිත් ඔන ම දෙයක්... කට කොනින් හිනාවක් අරගෙන නලල පිහිදාන ගමන් ඇස් පියා ගත්තු මන් අනිත් උන්ට කැප්ටන් වෙච්චි මට විතරක් මහෝධර් වුන මගෙනේ කියලා මන් හිතුවත් මගේ නොවුන කැපා ගැන මතක් කෙරුවා...
එයයි මායි මැරි කරලා දැනට අවුරුදු 04 ක් ගිහින්... එත් හරියට ම ඒ මනුස්සයා මාත් එක්ක ඉදගෙන වචන දහයක් කතා කරලා නැහැ
" ම්හ්... දැක්කා... ටීම් එකක් යවපන් මුන් මිනි මරන මරන ගානට දුව දුව මිනි උස්සන් ඇවිත් මැරුවේ මොකාද... කියට ද මැරුවේ කියලා හොයන්න මට පිස්සු කියලා හිතුවා ද...
YOU ARE READING
CAPTAIN MILLER ✓
Fanfictionමන් පරක්කු වැඩියි... එකට මට සමාවෙයන් Start - 2024.06.24 End - 2024.07.25