10 වන කොටස

1K 195 13
                                    

" චුටි පුතා "

" ඕහ්... අම්මා කියන්න "

එයා නාන කාමරේට යන ඩිංගිත්තට ඇදුමක් දාන පල්ලැහැට ආව මන් කුස්සියට රිංග ගත්තා... මට පුරුදු මෙතන...

එයාගේ අප්පච්චි මන් පොඩි කාලේ ඉදන් ගොඩක් වෙලාවට හිටියේ ගෙදරින් පිට බිස්නස් වල... මහෝධර් එක්කෝ සෙල්ලම් කරන්න ගිහින් නැත්නම් කාමරේ අස්සේ... මට හැමදාම වගේ මගේ තනිකම පාලුව නැති කර ගන්න පුළුවන් උනේ අම්මා එක්ක කුස්සියේ ඉදන්...

මට පාලුයි... එකයි... කතා කරන්නවත් කෙනෙක් නැතිව පිස්සු හැදෙයි... කැපා උනත් දැන් ටික ටික කතා කරාට කවුද දන්නේ එක පාරම වෙනස් උනොත්... ඊට පස්සේ මොකද්ද මට වෙන්නේ...

එක හින්දා ම කැපාව ටිකකට අමතක කරපු මන් උයන්න තිබුන කැරට් අලයත් කටේ දාන් හපන්න ගත්තා... මන් කැරට් කනවා කියලා දැක්ක නිසා දෝ අම්මා හිනා වෙලා මට කතා කරා... මන් හිතන්නේ ලොකු කතාවකට මුල පුරන්න වෙන්න ඔනා...

" දරුවෙක් ගෙන්න අදහසක් නැද්ද චුටි පුතා... ඔය දෙන්නා මැරි කරලාත් අවුරුදු 04 කුත් ගිහින්... සුදු මහත්තයා එක්ක කතා කරලා හොද කෙනෙක් බලන්න කොල්ලෝ "

කන ගමන් හිටිය කැරට් අලේ එහාට කෙරුව මන් අම්මා දිහා බලලා ආයේ ම අපේ කාමරේ දිහා බැලුවා... දරුවෙක් ගෙන්න... එයාටයි මටයි පුළුවන් වෙයිද...

" මන් මහත්තයා එක්ක කතා කරලා බලන්නම් අම්මා "

අම්මාට එහෙම කිව්ව මන් එක විනාඩියක්වත් එතන නොයිද කාමරේට ආවා... දරුවෙක් හදන්න කැපයි මායි... හොදට හිටි... ලාදුරුවා හදයි ලමයි මේන් කියලා...

" අම්මා දරුවෙක් ගෙන්න ලු "

" ම්ම් "

මන් කාමරේට යද්දි එයා හිටියේ මොකද්ද මන්දා ෆයිල් එකක් බදන්... යන්න ද යන්නේ... ම්හ්... වෙන්න ඇති... එයාට කොහෙන්ද නිවාඩුවක්...

" තවත් හංගන් ඉන්න එකේ තේරුමක් නැහැ මහෝධර්... එක්කෝ ඔයා අම්මාට කියන්න නැත්නම් මන් අම්මාට කියන්නම් මෙක තවත් දුර දිග අරගෙන යන්න මට ඔනේ නැහැ... අපි දෙන්නාට දරුවෙක් හදන්න බැහැ.. ඔයා මන් ආදරේ කරන්නේ නැහැ... දරුවෙක් ගෙනාවත් ඔයා දවසම පොලිසිය අස්සේ ලැඟන් ඉදියි... මට බැහැ මෙක තවත් කරන්න... එක්කෝ අපි මෙක නතර කරමු... මන් කොහේ හරි යන්නම්... ඔයා අලුතෙන් ජිවිත්... "

CAPTAIN MILLER ✓Where stories live. Discover now