" දැන් එයා ආයේ ම කන්න පල්ලැහැට එන එකක් නැහැ... මෙක ගිහින් එයාට බොන්න දෙන්න...
හෙටවත් ගෙදර ඉන්න චුටි පුතා... එයාටත් ඉන්න කියන්න... දෙන්නා ම තෝර ගත්තේ එකම විදියේ රස්සාවල්...
ඔයා උදව් කරනවා... එයා අල්ලලා හිරේ දානවා... පරිස්සම් වෙන්න දරුවෝ... ඔය දෙන්නා ම කරන්නේ භයානක සෙල්ලම්... ඔය දෙන්නාට ම එකේ බරපතළකම තේරෙන්නේ නැහැ "
මගේ අතට කිරි එක දිලා හැමදාම රැට කියන වචන ටික අකුරක් නැරම කියපු එයාගේ අම්මා කාමරේට යන්න ගියේ මන් සාලේ මැද තනිවෙන කොට...
අම්මා ඔයා දන්නවා නම් දැනටත් මට මහෝධර්ගේ ටීම් එකෙන් අයින් වෙන්න කියලා මැසේජ් එනවා කියන්න... ඔයා මාව ගෙදර හිර කරයි...
වෙලාවකට මට ම බයයි අම්මේ... එත් මට එයා එක්ක ඉන්න හම්බෙන්නේ ම ඔය වෙලාවේ විතරක් වෙනකොට... මන් එයාට පවා කියන්නේ කොහොම ද මේ වෙන දෙවල් ගැන
උඩ බලලා වැටෙන්න ගිය කදුළු ටික නවත්ත ගත්ත මන් හුස්මක් පහත් දාලා කිරි එකත් අරගෙන උඩට ආවා... ගස්සන් පද්දන් ආවාට හොර පොලිස්කාරයාට බඩගිනි ඇති... මෝඩ මිනිහා... ලොකුකම තියෙනවා ඔනාවටත් වඩා...
" ඇහැරන් ඉන්න එපා "
පඩිපෙල නැගන් එයාට කිරි එක දෙන්න ආව මට එක දෙන්න බැරි උනා... කොටින් ම වචනයක් පවා කතා කරන්න බැරි උනේ මගේ අතට චොකලට් එකක් දිලා මගේ කම්මුල පිරිමැදලා ඇහරන් ඉන්න එපැයි කියලා එයා එලියට යනකොට...
ගන් එකක් අරගෙන යන්නේ... එන්න කියලා ද... හොරෙක් ද... මිනිමරුවෙක් ද... නැත්නම් කුඩුකාරයෙක් ද...
ඔය අයගෙන් කවුරු හරි අල්ලන්න තමයි එයා ඔය යනවා ඇත්තේ... ඒ කියන්නේ... අදත් මන් තනියම ද... අවුලක් නැහැ මන් කවදත් මේ කාමරේ තනියමනේ...
උඹ දවසක දකින්න ඔනා ඔය මිනි වගේ ම මාත් කොහේ හරි වැටිලා ඉන්නවා... පිහි පාරවල් බර ගානක් එක්ක... එතකොට උඹට හිතෙයි ඇයි මන් එයා එක්ක නොහිටියේ කියන්න...
මට එහෙම දෙයක් වෙන්න ම ඔනා... උඹ දවසක එහෙම දෙයක් දකින්න ම ඔනා මහෝධර්... මන් ප්රාර්ථනා කරන්නේ එක ම විතරයි...
YOU ARE READING
CAPTAIN MILLER ✓
Hayran Kurguමන් පරක්කු වැඩියි... එකට මට සමාවෙයන් Start - 2024.06.24 End - 2024.07.25