අවසානය
හොයන්න පුළුවන් හැම තැනක ම මන් රාම්ව හෙව්වේ... අවසානේ එයා ඉදගෙන හිටිය රෝද පුටුව විතරක් ඉතුරු වෙලා තියෙන කොට...
දාහේට ගැහෙන පපුවත් අල්ලන් මුළු හොස්පිට්ල් එකම පිරුව මගේ කකුල් එක තැනකදි නතර වුනා...
කලුවර කාමරයක... අතේ උල් පිහියකුත් තියාගෙන... පුටුවක් දිහා බලන් කුරිරූ විදියට හිනා වෙන ඒ රුපේ නිසා...
අවසානේ කොහොම හරි මන් උඹව අල්ල ගත්තා... එහේනම් ඒ උඹ...
එත්...
රාම් කාර්තිකේයන් Pov :
ඔලුව පුරාම දැනෙන්න අරගෙන තිබුන වේදනාවත්... කැරකිල්ලත් එක්ක ඇස් ඇරිය මන් එක පාරම ගැස්සිලා ගියේ මන් හිටිය තැන දැකපු නිසා...
කාමරේ...
ඔ... ව්
මම හිටියේ අපේ ගෙදර එයාගෙයි මගෙයි කාමරේ මගේ ඇද උඩ නිදා ගෙන... ඊටත් මගේ ඇදුම් පවා මාරු කරලා තිබුනේ... මන් ගල් ගැහිලා වගේ ඉස්සරහා බලන් ඔලුව කහන කොට...
මන් කොහොම ද ගෙදර ආවේ... මන් හිටියේ...
ආර්හ්හ්... මන්... මන් හිටියේ හොස්පිට්ල් එකේ... ඔව්... ඌ මාව හොස්පිට්ල් එකෙන් එලියට අරගෙන ගියා...
මහෝධර් කියලා හිතන් මන් ඒ වෙලාවේ කියවලා තියෙන්නේ ඌ එක්ක වෙන කොට...
මට කෑ ගහන්න ඔන උනත් ඒ වෙලාවේ මගේ කටින් වචන පවා නාවේ ඌ මගේ නහයට මොනා හරි තියලා මගේ සිහිය නැති කරන කොට...
මන් මගේ ඇගේ හැම තැනකම බැලුවා... ඇගේ කිසිම තැනක අලුතෙන් තුවාල කිසි දෙයක් නොතිබුනේ මන් ලොකු හුස්මක් පහලට දාද්දි...
YOU ARE READING
CAPTAIN MILLER ✓
Fanficමන් පරක්කු වැඩියි... එකට මට සමාවෙයන් Start - 2024.06.24 End - 2024.07.25