" යන්... මන් ගිහින් දාන්නම් "
මන් එල්ලන් ඉදිය බැග් එක ගලවලා අර ගත්ත කැපා මාව ගිහින් දාන්නම් කියලා කිව්වේ... මන් එයා දිහා කටත් ඇරගෙන ම කැපා දිහා බලන් ඉන්නැද්දි...
කිස් එකක් දෙන්න කිව්වා ම මඟ හැරලා දැන් එනවා ද ගිහින් දාන්න... ඔනේ නැහැ මට පුළුවන් වාහනේ ඩ්රයිව් කරන් තනියම යන්න... අනික දැන් එයා එක්ක ගියොත් මන් රැට එන්නේ කොහොම ද...
" ඔනේ නැහැ "
එත් වැඩක් උනේ නැහැ... මන් ඔනේ නැහැ කියලා මොන තරම් කිව්වත් එයා කෙරුවේ මගේ අතින් අල්ලන් ගිහින් මාව කාර් එකෙන් වාඩි කෙරුව එක...
ආහ්... දෙයියනේ කැපෝ උඹ දැන් මගෙන් කනවා හොද කැමක්... පුදුම වෙස් මාරු කිරිල්ලක් නේ දෙයියනේ මෙක... මේ හැරිලා මෙහේ බලන කොට වෙස් පෙරලිලා...
" මහෝධර් "
" ම්ම් "
ගොඩ වෙලාවක් යනකන් අපි දෙන්නා අතර තිබුනේ දැඩි නිහඬතාවයක්... එයා කිසිම අවස්ථාවක එක බිදලා දාන්නේ නැහැයි කියන්න මන් දන්නවා... එක නිසා ම අවසානේ ඒ නිහඬතාවය බිඳලා දාපු මන් එයාට කතා කෙරුවා...
මට මන් මැරෙන්න කලියෙන්... මන් උඹට මොන තරම් උඹට ආදරෙයි කියලා කියන්න ඔනා මහෝධර්... මට එක කියන්න ඉඩ දිපන්...
මන් මොන තරම් හිත හයිය කරන් එයා ඉස්සරහාට ගියත්... කතා කරන්න කට ඇරියත්... මහෝධර් කොයි වෙලෙත් කිව්වේ අපි පස්සේ කතා කරමු රාම් කියලා...
දැන් වෙලාවක් නැහැ... මට පස්සේ කතා කරන්න පුළුවන් වෙයි ද කියන්නවත් මන් දන්නේ නැහැ... එක මන් අද කියන්න ඔනා... අද බැරි උනොත් කිසිමදාක බැරි වේවී මට එක කියන්න...
" මට කතා කරන්න ඔනා "
" පස්සේ කතා කරමු "
උඹ මාව කොයි තරම් නතර කරන්න අසරණ කරන්න හැදුවත් මන් අද උඹට ආදරෙයි කියලා කියන එක කියනවාමයි මහෝධර්...
" බැහැ... මට ඔයාට දෙයක් කියන්න තියෙනවා මහෝධර් "
" හ්ම්... කියන්න බලන්න "
YOU ARE READING
CAPTAIN MILLER ✓
Hayran Kurguමන් පරක්කු වැඩියි... එකට මට සමාවෙයන් Start - 2024.06.24 End - 2024.07.25