" ඒ කවුද කියලා හොයා ගන්න පුළුවන් උනා ද බන් "
කොල් එකක් ගන්න කියලා එලියට ගිය මහෝධර් පැය භාගයක් ගිහිනුත් එලියට නාවේ මන් දොර දිහා ඔහේ බලා ගෙන ඉන්න කොට...
විශාල් මගෙන් ඒ කෙනා කවුද කියලා අහනවා... මුන දැක්කා ද කියලා ඇහුවේ මන් නැහැයි කියන්න ඔලුව වනන කොට...
අරකෙන් අනින්න සිහිය තිබුනාට මුන බලා ගන්න තරම් සිහියක් ඒ වෙලාවේ තිබුනේ නැහැ මට... ඇත්තට ම ඌ මොකාද...
" ආයේ ම දැක්කොත් මොන වගේ ද කියලාවත් අදුර ගන්න පුළුවන් මාක් එකක්වත් නැද්ද බන් "
විශාල් මගෙන් ආයේ දැක්කොත් අදුර ගන්න පුළුවන් ද කියලා ඇහුවේ මන් එයාව අනිත් පැත්ත හරලවා එයාගේ බෙල්ලට ඇගිල්ලෙන් තට්ටු දාන කොට...
කොහොමත් ඌ මේ වෙනකොට ඉන්න ඔනා අමාරුවෙන්... උගේ බෙල්ල මගේ වගේ ම බැන්ඩේජ් කරලා තියෙන්න ඔනා...
එත් ඌ බේරුනේ කොහොමද... මහෝධර් කිව්ව විදියට එයා ලැබ් එකට එද්දි බිම වැටිලා ඉදලා තියෙන්නේ මන් විතරයි... එතන තිබුන ලේ මගේ එව්වා ලු...
එත්... එහෙම වෙන්න බැහැ නේ... ඌ ලේ පෙරන් බිම වැටුනානේ... ඊට කොහොමත් ඌට තනියම මහෝධර් එන්න කලියෙන් එතනින් පැනලා යන්න බැහැ...
එක්කෝ දෙන්නෙක් ද...
එහෙමත් නැත්නම් තවත් කෙනෙක් ඌට උදව් කරනවාත් ද...
මගේ ඔලුව ඇතුලෙන් තවත් ප්‍රශ්න පත්‍රයක් නිර්මාණය වෙන්න අරගෙන තිබුනේ... මන් ඔහේ විශාල්ගේ මුන දිහා ම බලන් ඉන්න කොට...
කමක් නැහැ...
මොන දෙයක් වුනත් මට පුළුවන් එකට මුහුන දෙන්න... බය වෙන්න කියලා මට දැන් දෙයක් නැහැ... එලියේ පොලියේ අය ඉන්නවා...
YOU ARE READING
CAPTAIN MILLER ✓
Fanficමන් පරක්කු වැඩියි... එකට මට සමාවෙයන් Start - 2024.06.24 End - 2024.07.25