02 වන කොටස

1.1K 218 12
                                    

දිනය - 2024.05.23
වෙලාව - හවස 03.21

හිතට ආව කෙන්තිය යටපත් කරගෙන වාහනෙන් බැස්ස මන් මිනිය හොයාගෙන තිබුන තැනට ලං වුනා... මහෝධර් ඉන්නේ මිනියේ සිහියෙන්... මට එන්නයි කියලා කිව්වට ඒ යකාට මන් ආවා කියලාවත් පෙන්නේ නැ...

" Good Evening Miller "

" Evening "

ආයේ ම... ආයේ ම කෙන්ති ගිහින් ඉදිය මන් හුස්මක් පහත දාලා මට කතා කෙරුව ඔෆිසර් කාශපට හිනාවක් දුන්නා...

අන්න දැක්කා... ඒ අස්සේ රවනවත් එක්ක... උඹ දාගෙන රවපන්... මිනිහා නේද උදේට කැවද කියලාවත් ඇහුවා ද මගෙන්... එත් නැහැ මොකක් හරි වැරැද්දක් උන ගමන් යැයි යැයි ගාන් එන්න නම් දන්නවා...

" මන් තමුසේට කියට ද එන්නේ කිව්වේ කියලා බලපන් රාම් "

එන්න කිව්ව වෙලාවේ තමයි මන් ආවේ මහෝධර්... ඊටත් තමුන් මට ජෙට් එකක් එහෙම දිලා තියෙනවා ද... නැත්නම් අත්තටු දෙකක්... කියට ද එන්න කිව්වේ කියලා අහන්නේ... මෙතන කානිවල් එකක් වගේ කරලා කියවන් එන්නේ උඹට දෙන්න ඇත්තම් මට දෙකක්...

" සොරි "

හිතින් බනින්න පුළුවන් හැම විදියකට ම එයාට බැන්න මන් කැමරාවත් අරගෙන ඉස්සරහාට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හිතින් බනින්න පුළුවන් හැම විදියකට ම එයාට බැන්න මන් කැමරාවත් අරගෙන ඉස්සරහාට ගියා... විශාල් දැනටත් එයාගේ වැඩ පටන් අරන් දැන් ඉතින් මෙතන තියෙන අඩි බේරපන්කෝ...

කොයි වෙලාවක මුන් මාවත් එක්ක කුදලන් යනවා මිනිමරුවා කියලා... ඇයි ඉතින් හැම මිනියක් හොයා ගන්න තැනක ම මාත් ඉන්නවා නේ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
CAPTAIN MILLER ✓Where stories live. Discover now