Chapter 02

3.7K 247 376
                                    


මන් ඉක්මන්ට දුවලා ගිහින් වේලෙන්න දාලා තිබුණ කලිසමක් ඇඳගත්තා..මේ මිනිහටත් එන්න වෙලාවක් ඇත්තෙම නැද්ද වෙන..යකො තනි පංගලමෙ ඉන්න කොල්ලෙක් ගාවට එන්න තරම් උට මොන තරම් අසහනයක්ද තියෙන්නේ..මේවට නම් අපේ අම්මට කියලා අනිවාර්යයෙන්ම මානසික ප්‍රතිකාර අරන් දෙන්න ඕන..නැත්නම් දුර දිග යනවා..මන් ඊටපස්සෙයි ගේට් එක ඇරියේ...

"මොකද උඹ රෙදි ගලවන් කරන්නේ.." ?

"රෙදි ගලවගෙන දේවල් දෙක තුනයිනෙ කරන්නේ..එයින් එකකට.."

"අ..ඩ්ඩේ මූ බලපන්කො..ඇටෙන් පොත්තෙන් එළියට ආවා විතරයි කියන කතා.."

"හරි හරි තමුසෙ ආවේ මොකටද කියනවකො..එනවා ගෙට එළියට වෙලා ඉන්නේ ආයේ.."

"බෑ බෑ වෙලා යනවා..මට උඹේ ජොකෙක් දියන්කො.."

"මොකක්.." !

එයා ටුයින් ටුයින් ගාලා දෙපාරක් ඇස් ගැහුවා..

"ඒ මොන කුණුහරපෙකටද.." ?

"විහිලුවක් කරේ බන්..ටෙනිස් බෝලයක් තියෙනවා නන් දියන්කො..මන් ගෙනත් දෙන්නම් උඹට අලුත් එකක්.."

"ආ..මේ උදෙත් තිබ්බා..බලනවකො ෂැඩෝ ගිහින් දාලැති ඔය කොහෙට හරි.."

"ආ අර තියෙන්නෙ අර මල් පෝච්චිය ළඟ.."

"මේක හොඳා..මන් යනවා..උඹ උඹේ වැඩක් කරගනින්කො එහෙනම් නිදහසේ..මන් කියන්නම්කො සේමිණි ආන්ටිට ආවම.."

එයා බෝලේ බම්ප් කර කර කිව්වා..

"ඇයි යන්නෙ අයියෙ එන්නකො..මන් ඔයාට තව කියන්න දේවල් ටිකක් එකතු කරලම දීලා යවන්නම්.."

මන් හිනාවෙවි කිව්වහම හේෂානයා මැදැඟිල්ල දික් කරලා අනික් අතෙන් හිලක් හදලා මට පේන්න ඇඟිල්ල ගහලා පෙන්නලා ගියා යන්න..

අම්මට කියන්නෝන හේෂාන් අයියා හිල්වලට ඇඟිලි ගහගන්නවා කියලා..

ගෙදර වැඩ වගයක් තිබ්බා මන් ඒ ටික කරලා ඉවර වෙලා පොඩ්ඩක් පාඩම් කරා..අවසන් ටර්ම් ටෙස්ට් එක නෙක්ස්ට් වීක් පටන් ගන්නවා කිව්වා..මෙහෙමයි මචන්ලා මට දෙයක් කියලා දෙනකොටම ඒක තක්කෙටම වදිනවා ඔලුවට..උගන්වන දේ තියරි බේස් එක අල්ල ගත්තහම ඕන දෙයක් ඔලුවට දාගන්න පුලුවන්..ඒක මහ ලොකු දෙයක් නෙවෙයි එතකොට..හරි හරි මන් මෙතන උගන්වන් නෑනෙ..අනේ මන්දා උඹලටත් ඕන නැති මඟුලක් නෑ..

  ~A_ලෙවෙල්~🔞Where stories live. Discover now