Chapter 06

3.8K 222 330
                                    


"සුදු කොහෙද ගියෙ ඔයා.." ?

"ම..මන් එළියට වෙලා හිටියෙ අක්කා.."

"ම්..මට ඔයා එක්ක කතා කරන්න ඕන පොඩි දෙයක් ගැන..ඒක හදිස්සියෙ කතා කරන්න පුලුවන් දෙයක් නෙවෙයි..අනික ඒක ඔලුවට ගන්නෝන දෙයක් නෙවෙයි..එක්සෑම් එකෙන් පස්සෙ මන් කියන්නම්කො ඒ ගැන..මට දැන් කියන්නකො පැට්ටො මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ ඔයා.." ?

මන් ප්‍රගීත් අයියා එක්ක අක්කා ඉන්න තැනට යනකොට අක්කා බඩු ටික ඔක්කොම බෙදලා දීලා ඉවර කරලා..ඒක නිසා එතන ආයේ ඉන්න ඕන උනෙ නෑ..මට මෙතන ඉන්න එක ලොකු හිසරදයක් උනා උන දේවල් එක්ක..මට මෙතනින් යන්න ඕන කියලා හිතුණා..ඒකයි මන් වෑන් එකට ආවේ..අක්කත් එතකොටයි මගෙන් දැන් මෙහෙම දෙයක් ඇහුවේ..

"අක්කේ ප්‍රශ්නයක් නෙවෙයි අනේ මන්දා මහ අමුතු දෙයක් උනා මේ ටිකේමයි අදයි..මට මේ කට්ටිය ඔක්කොම ඉස්සරහ ඒක කියන්න බෑ..මන් අපෙ ගෙදර යනකොට කියන්නම්..මන් ටිකක් නිදාගන්නද.." ?

"හරි පැටියො..පැනඩෝල් දෙකක් ඕනිද.." ?

"ඕන්නෑ අක්කේ නිදාගත්තම හරියයි.."

"හරි එහෙනම්..ඔයා නිදාගන්නකො..අපි ටිකක් කතා කරලා එහෙම එන්නම්..මන් එවන්නම් ප්‍රගීත්ව ඔයාට තනියම ඉන්න බැරි නම්.."

මන් අක්කට එපා කියලා කිව්වෙ නෑ..මට දැන් කාගෙ හරි ළඟකට වෙලා මේක කියන්න ඕන..මන් ඊටපස්සෙ වෑන් එකෙ පිටිපස්සෙම ශීට් එකට ගිහින් හාන්සි උනා..ඔලුව කැක්කුමටත් එක්ක මන් ජනේලෙට ඔලුව තියාගෙන නිදාගත්තෙ ඔලුව නිදහස් කරගන්න බැරුව..මට ඉන්න බෑ වේදනාවට..හොඳක් කියන්නෙ මට වැටුණු තැන එහෙම්ම නින්දේ යනවා..

මට මගේ ඔලුව කවුරු හරි අතගානවා වගෙත් දැනුණා..සනීපෙට නින්දේ ගියේ ඒකයි..

.
.
.
.
.

'පවුල් පරම්පරාවටම නින්දා කරන්න හදන්නෙ තොපි..තොපිට මේ දෙන අන්තිම අවවාදේ..ආයේ මේ වගෙ නින්දාවක් කරගෙන ගියොත් මතක තියාගනිල්ලා වැවෙ ගෙදර මහ උන්දලා ටික..මේ ගෙදර මිනියක් දෙකක් මැරෙයි මගේ අතින්..ඒක හන්දා කරුණාකරලා මේ නවනින්ගිරාව නවත්තන්ට ඕන..' !!

'ම්...මොකද්ද..මොකද්ද නවත්තන්න ඕන..' ?

'කස්සප උඹ මෙතන කරන්න පුලුවන් හැම දෙයක්ම කරලා තවත් තේජස් පිට කතා කරන්න කොහෙන්ද බොල හයියක්..'

  ~A_ලෙවෙල්~🔞Where stories live. Discover now