Chapter 13
කාලේ හැමදේම වෙනස් කරනවලු කියලා මන් අහලා තියේ..ඒත් මට නන් එහෙම දෙයක් උනේ නෑ කාලෙන්..හැබැයි මෙහෙමයි..පොඩි පොඩි සීන් ටිකක් නම් වුණා ඉතින්..එව්වා ඉතින් මේ කරේ තියාගෙන නටන්න ඕන තරම් ඒවා නෙවෙයි..
අපි එදා ක්ලාස් එකේදි සෙට් එක එකටමයි හිටියෙ..සෙට් එක කිව්වෙ මම,එතකොට ගීතය ආත්මයක් උන එකයි,අහසෙ පායන්න ඕන එක බිම ඉන්න එකයි,පාරින්දියි තව කෙල්ලො දෙන්නෙකුයි..සර් අපි එක්ක කතා කරා ළඟට ඇවිත් අපි දවල් කෑම කකා ඉන්නකොට..හොඳට වැඩ කරන්න..වැඩ කරොත් ගේමක් ගහගන්න බැරි වෙන එකක් නෑ කියලා සර් අපි ඔක්කොටම කියලා ගියා..
"මේ අහන්නකො ඔක්කොම ටික අපි හවසට බීච් යමුද ක්ලාස් ඉවර උනාම.." ?
පාරින්දි ඇහුවෙ අපි කන වෙලාවේ..අපෙ උන්ට මොකද ඉතින් ගත්ත කටටම හා..එච්චරයි..දැන් ඉතින් යනකන් මැරෙන්න හදයි..ඒත් දේදුණු මුකුත් කිව්වෙත් නෑ..මන් මුකුත් කිව්වෙත් නෑ..
"ඒ එතකොට ඔය දෙන්නත් එනවනෙ..කිඳුරු,දේදුණු මොකද අනෙ දෙන්නම භුම්මට්ටො දෙන්නා වගේ ඉන්නවා කොය වෙලාවෙත්..මේකගෙ කට නම් වැහුණෙ අර කොහෙන්ද ආපු ධාර්මික කාන්තාව නිසානේ..මොකද කියන්නෙ දේදුණු එනවද.." ?
"කිඳුරු ආවොත් එන්නම්.."
"අපෝ මොකද්ද හලො..දෙන්නටම එකම කකුල් දෙකද තියෙන්නෙ..ඇයි වදේ..මේ දෙන්නම එනවා හොඳේ..මුන් දෙන්නා නම් තරහ වෙච්ච කපල් එක වගේ..දෙන්ඩ හිතයි අප්පා මට ඇයි අනේ..."
"හරි හරි එන්නම්.."
මන් කියනකොටම අර ලබ්බත් ඒකම කිව්වා...
"තමුසෙ මොකද මන් කියනෙකම කියන්නෙ.."
"මං කිව්වෙකක් නෑ..තමුසෙනේ ඒකම කිව්වෙ.."
"මොකද්දුඹ දැන් කියන්නෙ ආහ්.."
"පාරින්දි..මේ කිඳුරුවට කට වහ ගන්න කියනවද මන් එන්නෙ නෑ නැත්තම්.."
"කිඳුරු මන් කියන්නෙ නැ ආයෙ හලො..තමුසෙ අර වටෝත්තිට පේන්නද ඔච්චර උඩ පනින්නෙ..තමුසෙට ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලවත් නෑ.."
"ම්..මොකක්..කාටවත් පේන්ඩ මන් උඩ පැන්නෙ නෑ..ඕකිගෙ කුණුවලට මාව ගාවගන්නෙපා පාරින්දි මන් ආයෙ කියන්නෙ නෑ උඹට.."
YOU ARE READING
~A_ලෙවෙල්~🔞
Non-Fictionඒ ලෙවල් කාලෙ ලව් එකක් තිබ්බෙ නැත්නම් වැඩකුත් නෑ.. කුතුහලෙ,ලව්,සෙක්ස් ඔක්කොම තියෙනවා..සුරංගනා කතාවක් නෙවෙයි..වෙන්න පුලුවන් දේවල් එක්කලා සැබෑ කතාවකුත්,අත්දැකීමකුත් පාදක කරගෙන ලියන කතාවක්...කියවලම බලන්න..