"නැටුම් සර් මෙහෙ එන්ඩකො බඩ්ඩක් පෙන්නන්න.. " !!!
"යමන් යකො යමන් අනික් මිනිහත් එන්න කලින් මෙතනින්..ගෑණියි මිනිහයි ටකට ටකේ..අරූ තම්මැට්ටම් ගහයි..මේකි සාරි පොට ඉණෙ ගහන් මෙතන උඩරට නටන්න කලින්.."
අපිට දැන් යන්න තියෙන්නෙත් මේ ගෑණි ළඟින්..මේ පාරින්දිනන්..ඒකි නිසා වස ලැජ්ජාව..මාත් ආවනෙ ගොබ්බ උලමා වගේ මෙතන මුන්ගෙ පස්සෙන්...
මේ අනික් බූරු අලියා..ඒකා මගෙ පස්සෙන් හිටියෙ නැත්නම් මට ඌව ඉඹින්න වෙන් නෑනේ..මොනා හිතුවද මන්දා..මේ ගෑණිටත් ඕන නැති එකක් නෑ හොට දාන්න..පුදුම වදයක් දෙන්නෙ මේ ගෑණිනන්..
"මොකො අනුරුද්ධිකා මිස්..ආ මේ අපේ කිඳුරු කොල්ලනේ..මොකො කොල්ලො උදෙන්ම මේ පැත්තෙ.."
"නෑ..සර් කවුදො අඬනවා වගේ ඇහුණා..මේ ඒක බලලා යන්න කියලා ආවේ.."
"ආ..හා..යනවා යනවා පන්තියට දෙන්නම..කෝලම් නටන්න තියාගන්නෙපා ඉස්කෝලේ..මේකේ අනික් ළමයින්ට ආදර්ශයක් වෙන්න හැසිරෙනවා..බැජ් එකක් එක්ක ටයි කෝට් දාගෙන ඉන්නෙ නිකන් නෙවෙයිනෙ...ශිෂ්‍ය නායකයෙක්නෙ..වගකීමක් ඇතුව වැඩ කරන්න පුරුදු වෙනවා.."
"මොකද්ද මිස් මන් දැන් කරපු වගකීමක් නැති වැඩේ..මගේ යාලුවා එක්ක මට ඉන්න බැරිද.." ?
මටත් යකා නැංගේ මන් මෙතන වැරැද්දක් කරේ නැතුව මගේ ඇඟේ වැරදි පටවන්න එනවට..මෙයා කොහොමත් මාත් එක්ක ජෙලස්..
"ඕ.එම්.ජී....කියවගෙනත් එනවද දැන් එකටෙක.." ?
ඒකි එහෙම කියලා කම්මුලට ගහගත්ත පාර පැලුණද දන් නෑ මූණ ඒකිගේ..
"මොකද උනේ අනුරුද්ධිකා මිස්.."
"මේන් මන් එනකොට කරේ නැගගෙන මූණ ඉඹිනවා.."
"ඕක මොකද්ද ? කොල්ලොනෙ මිස්..මිස්ලගෙ කාලේ වගෙ නෙවෙයි දැන් කාලේ..ඒ කාලේ පැන මන කඩිති උනාට දැන් එහෙම නෑ ඒකයි වෙනස..කොල්ලො දෙන්නා යන්න දැන් පන්තියට ගිහින් වැඩක් කරගන්න..ආයෙ එහෙම එන්නෙ නෑ මේ පැත්තෙ.."
YOU ARE READING
~A_ලෙවෙල්~🔞
Non-Fictionඒ ලෙවල් කාලෙ ලව් එකක් තිබ්බෙ නැත්නම් වැඩකුත් නෑ.. කුතුහලෙ,ලව්,සෙක්ස් ඔක්කොම තියෙනවා..සුරංගනා කතාවක් නෙවෙයි..වෙන්න පුලුවන් දේවල් එක්කලා සැබෑ කතාවකුත්,අත්දැකීමකුත් පාදක කරගෙන ලියන කතාවක්...කියවලම බලන්න..