17

100 11 20
                                    


" ජින්න්න්න්...! පුහ්.....හදි..ස්සියක්..! "

මැනේජර් හන් එයාගෙ බඩ අල්ලගෙන හති අරින ගමන් කියවගෙන ගියෙ ජින් ටිකක් කලබලෙන් වගේ ඔලුව දෙපැත්තට වනලා එයාගෙ බැක් පැක් එක අත් වලින් මිරික ගනිද්දි.

" ඇයි...සර්....මො..."

" කතා කර කර ඉන්න වෙලාවක් නෑ!...ඉක්මනට ඔයාට ලොකු දෙයක් කරන්න තියනවා....මේක කරන්න ඕනිමයි...ජින්....නැත්නම් උන් මේ ක්ලබ් එකත් සමතලා කරලා දාල අපිවත් මරයි.! "

මැනේජර් හන් පිස්සු හැදිල වගේ කියවගෙන ගියේ එයාට මේ වැඩේ වෙනුවෙන් ලැබුනු ගනන් කරගන්නත් බැරි ගාන ගැන හිතන ගමන්.ඒ අතරෙ ජින් කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව හන්ගෙ මූන දිහා බලාගෙන හිටිය.

" කවුද උන්...? "

ඒත් එක්කම වගේ හන් ජින්ගෙ කනට නැවිලා කියපු දේ එක්ක එයාගෙ ඇස් ලොකු වෙලා ගියා.

" මාෆියා ! "

ජින්ට ඕනි උනේ මැනේජර් හන්ට එයාට මේක කරන්න බෑ කියන්න.අඩුම තරමෙ ජින් දැනන් හිටියෙ නෑ එයාට මොකද්ද මේ හන් කරන්න කියන්නෙ කියලවත්.

ජින්ට දැන් තමයි තේරෙන්නෙ මේ ක්ලබ් එකේ ජීවිතේ හිතන තරම් ලේසි නෑ කියලා.ආපු දවසෙ ම එයාට වැටුණේ සුපිරි බකට් එකක්.
ජින් ඔහේ මැනේජර් හන් එයාට යන්න කියපු VIP ලොන්ජ් එකේ මීටින්ජ් රූම්ස් පැත්තට ඇවිදගෙන ගියෙ ගිටාර් එක අත් දෙකෙන් ම තුරුල් කරගන්න ගමන්.ඒ දරුනු කහ,නිල් ලයිට් එලියට ජින්ගෙ ඇස් රිදෙන්න අරන් තිබ්බත් එයා ඔහේ ඇවිදගෙන ගියේ මොනව නැතත් මාෆියාවට එයා හුගාක් බය නිසා.

ඉස්සර එයාගෙ ඔම්ම කිව්වෙ එයාගෙ අප්ප නැති උනෙත් මාෆියාව නිසා කියලා.ඉතින් පුංචි ජින් එදා ඉදන් ම මාෆියාවට හුගාක් බය උනා.

ජින් ගිටාර් එකත් තුරුල් කරගෙන හන් එයාට යන්න කියපු රූම් එක ලගට ගිහින් එතන ගල් පිලිම වගේ හිටන් ඉන්න කලු ඇදගත්තු බොඩි ගාඩ් ලා දිහා බැලුවෙ චුට්ටක් ඔලුව උස්සලා.

" ඔයාලගෙ බොස් තමයි මට එන්න කිව්වෙ."

පුදුමෙකට වගේ ඒ බොඩි ගාඩ්ලා මුකුත් නොකියාම එයාව ඇතුලට යවලා දොර වැහුව.

Mr.Demon'S pretty badboy  [ Jikook sinhala ]Where stories live. Discover now