ᗰY ᑕᑌTE ᕼᑌᗷᗷY..🥰💚
ᑕᕼᗩᑭTEᖇ 28
( ලමයි මේ එපියෙ ටිකක් වැඩිපුර මම Taehyung pov විදියටයි suhi pov විදියටයි තමයි ලියන්න හිතන් ඉන්නෙ.. තේරෙන්නෙ නැති තැනක් තියේ නම් කමෙන්ට් එකකින් අහන්න..🥹 ඒ වගේම " " උඩුකොමා ඇතුලෙ දාන්නෙ හිතන ඒව.. ඒවා කාටවත් ඇහෙන්න කියන ඒවා නෙවෙයි..🙃 )
Taehyung Pov..
ටේහියුන්ග් කාමරේට දොරත් වහගෙනම ඇවිත් ඇඳෙන් වාඩි වෙලා තමන්ගෙම කොන්ඩෙන් අදින ගමන් කල්පනා කරන්න ගත්තා.. ඩිවෝස් එකට කැමති නම් විතරක් ගන්න කිව්ව ෆයිල් එක කිසිම පැකිලීමකින් තොරව සුහි අතට ගත්තෙ හරියට මෙච්චර කල් ටේ එක්ක සතුටින් හිටියෙ නැති ගාණට..🥺💔
ඒ අවස්ථාව මතක් වෙන මතක් වෙන වාරයක් ගාණෙ ටේගෙ ඇස් වල කඳුලු පිරිලා ටේගෙ අවසරයකින් තොරවම කම්මුල් දිගේ ගලාගෙන ගියේ දුක තව තවත් ප්‍රදර්ශනය කරමින්..🥺
💜️ *හ්‍යොංග් ඔයා දැන්ම එන්නෙ නැද්ද අනේ..?*
💚 " කල්පනා කර කර හිටපු මම මේ ලෝකෙට ආවෙ පහල ඉදන් කෑගහන කුකිගෙ කටහඬට.. මට බෑ ගිහින් මූණ දෙන්න එයාලට.."
💜️ *අනේ හ්‍යොංග් එනවාකො.. මට meeting එකක් තියෙනවා.. යාහ් නානවද නැත්නම් ටැප් ලයින් එක රෙපෙයාර් කරනවද තමුසෙ..??*
💚 "සැක් මුගේ කට නම් තාමත් ඒ විදියයි.. වෙලාවට මගෙ කෙල්ලගෙ කට මෙහෙම නොවුනෙ.."
💜️ *තමුසෙ එන පාටක් නැ.. මට පරක්කු වෙලා.. මම යනවා හොඳේ.. ආයෙ එන්නම් වෙන වෙලාවක.. එතකොටවත් හම්බෙමු.. මම යනෝ..*
💚 " මෙහෙම එකෙක් මගෙත් මස්සිනා කරගත්තානෙ මම.. ඒත් ඉතින් දැන් එහෙම වෙන එකක් නෑනෙ..🥺"
ටේහියුන්ග්ගෙ ඇස් වලට ආයෙ කඳුළු පිරුනෙ ආයෙ කුකිටවත් සුහිටවත් අයිතිවාසිකම් කියන්න අයිතියක් නැති වෙන බව හිත කියපු නිසාමයි..🥺
💚 " කුකි ගිය නිසා ප්‍රින්සස් එයි Room එකට.. ආයිශ් කොහොමද මම මගාරින්නෙ..🥺 "
Taehyung Pov End..
සුහි තව ටිකකින් කාමරේට එනව බව දන්න නිසාම ටේහියුන්ග් ඉක්මනින්ම Washroom එකට ගිහින් මූණ සෝද ගත්තා.. Washroom Mirror එකෙන් තමන්ගෙම මූණ දකිද්දියි කොල්ලට මතක් උනේ තාමත් තමන් කොන්ඩෙ පිහදැම්මෙ නැති බව..🥺💔 ඒත් ඒක වැඩිය හිතට නොගෙන කොල්ලා ආයෙ Room එකට ඇවිත් ඉක්මනින්ම ලැප් එකත් අරන් ඇඳෙන් වාඩි වෙලා ලැප් එක ඔන් කරලා කිසිම වැඩකට නැති Document එකක් Screen එකේ දාගෙන ලොකු වැඩක් වගේ බලන්න ගත්තා..🙃 ඒ එක්කම කාමරේට ආවෙ සුහි.. කෙල්ල Milkshake එකත් අරන් කාමරේට ආවෙ ලොකු හිනාවකින් බව කොල්ලා ඇස් කොනට දැක්කාත් ලැප් එකෙන් ඇස් ගන්න කොල්ලාගෙ මනස කොල්ලාට ඉඩ දුන්නෙ නැ🥺💔
YOU ARE READING
MY Cute Hubby..🖇️💚 [ 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎 ]
Rastgeleආදරය මොන තරම් බලවත්ද..? සමහරවිට ආදරේමයි මනුස්සයෙක්ගෙ අයහපතට බලපාන්නෙ.. ඒ වගේමයි ආදරේ යහපතටත් බලපානවා..❤️ ඉතින් එන්න..😊 ආදරේ මොන වගේද කියලා බලමු අපි..😇💚