Chapter #13

145 35 71
                                    

කිසිම ප්‍රශ්නයක් නැති විදිහට සතියක් යනකම් එයාලා දෙන්නගේ මෝචි එක්ක තනියම හිටපු යූන්ගි වගේම හොබීත් ගෙදර එන්න පිටත් වුනේ ජිමින්ව නම් කව්රුත් නොදන්න ප්‍රශ්නේකට ඇදලා දාලා.

"යාහ් ජිමිනා ඔයා ආවද..."

"ශ්ශ්ශ්... එපා කුකී එයා නිදි..."

තුන්දෙනා ආපු ගමන් සතියක් තිස්සේ රන්ඩු වෙන්න එයාගේ යාලුවා නැතුව හිටපු ජන්ග්කුක් ඉස්සරහට දුවන් ගියත් එයාට දකින්න පුලුවන් වුනේ හොබී ලඟ පැන්ඩා කෙනෙක් වගේ නිදාගෙන ඉන්න ජිමින් කෙනෙක්ව.

"අහ් හරි හ්‍යුන්ග්..."

"මගේ පැ-"

"කෑගහන්න එපා ජින් හ්‍යුන්ග් ජිමිනා නිදි..."

"ඔය නිදාගෙන ඉන්නේ රෑට කලාද හොබී..."

"ඔව් හ්‍යුන්ග් එන ගමන් අපි කෑවා..."

"එහෙනම් ජිමින්ව තියලා එන්නකෝ මට ඔයාලා දෙන්නා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනි..."

"හරි හ්‍යුන්ග්..."

යූන්ගි හොබී දෙන්නා ජිමින්ව රූම් එකෙන් තියලා ඉක්මනට ආවේ දැනටමත් හැමෝම එයාලා දෙන්නා එනකම් බලන් ඉන්න නිසා.

"යූන්ගි හොබී මම ඔයාලා දෙන්නගෙන් මේක අහන්නේ ජිමින්ගේ හ්‍යුන්ග් විදිහට එක නිසා මට හරි උත්තයක් ඕනි..."

"කියන්න හ්‍යුන්ග්..."

"ඔයා දන්නවා යූන්ගි ජිමින් ඔය විදිහට දිහටම ඉන්නේ නැහැ මම කියන්නේ දැන් එයා පොඩි ලමයෙක් වගේ හැසිරුනාට මතකේ ආපු දවසට සම්පූර්ණයෙන්ම මේ හැම දෙයක්ම වෙනස් වෙයි...

ඔයාලා දෙන්නට තාම කාලේ තියෙනවා හොබී ගැන දැනෙන්න දෙන්න ජිමින්ට ඒත් හදිස්සියෙවත් ඒක අපි හිතන විදිහට නොවුනොත්... යූන්ගි ඔයාට දෙන්නගෙන් එක්කෙනෙක් තෝරගන්න වුනොත්... නැත්නම් ජිමින් හොබීව තෝරගෙන යූන්ගිව ප්‍රතික්ෂේප කරොත් ඔයාලා ගන්න තීරණේ මොකක්ද..."

යූන්ගි ජින් ඒ ඇහුව දේවල් එක්ක ගොළු වුනා එයා හිතන්නවත් අකමැතිම දේ එක හොබීව වගේම ජිමින්වත් යූන්ගිට ඕනි ඒ දෙන්නම නැතුව යූන්ගි ජීවත් වෙන්න දන්නැ සම්පූර්ණ නැහැ පිස්සෙක් වගේ වෙයි.

Only Mine | YMS ✔Where stories live. Discover now