පැය ගානක මහන්සියත් එක්ක surgery room එකෙන් එලියට ආපු නම්ජූන් මුලින්ම ඇහුවේ එයාගේ පෙම්වතා වෙන ජින් ගැන කායිගෙන් අනිවාරෙන්ම නම්ජූන් දන්නවා දැන් එයාගේ ජිනිට එයාව ඕනි කියලා.
"එයා රෙස්ට් රූම් එකේ ඉන්නවා නම්ජූන් දැන් අර පේෂන්ට කොහොමද.."
"එයා අවදානම් තත්වෙන් මිදිලා නැහැ තාමත් ඒත් අපිට පොඩි විශ්වාසයක් තියාගන්න පුලුවන් වෙයි..."
"මම හිතන්නේ ඒ කොල්ලට අවුරුදු විස්සක් විතර ඇති උපරිම අනිත් එක මේ කොල්ලා ගැන කිසිම දෙයක් හොයාගන්න බැරි වුනා තාමත් නම්ජූන්.."
"හොයන්න ඕනි වෙන එකක් නැහැ එයා නිසා තමයි දැන් ජින් ඔහොම ඉන්නේ..."
"නම්ජූන්?"
"ඔය ඉන්නේ ජින්ගේ එකම මල්ලී කායි.."
"ජ්..ජ්..ජු...න්..න්..නී.... ම්...ම..ග්ගේ ප්පැ..ටියා..."
නම්ජූන් කායි එක්ක කතා කරන අතරේ ජින් එකපාරට එතනට කඩන් පාත් වුනේ ජිමින් එහෙම නැත්නම් එයාගේ පණ ටික ගැන දැනගන්න ජිමින් ලේ පෙරාගෙන හිටපු විදිහ ජින්ට තාමත් මැවි මැවී පෙනෙමින් තිබුනා.
"ජිනි කලබල වෙන්න එපා... කෝ මේ බලන්න ඔයාගේ පැටියා හොඳින් මාව විශ්වාස කරන්න..."
"ජු...න්..නී ඒ..ට්..ත් ම්..මගේ පැටියා..."
"ඔයාට මාව විශ්වාසයි නේද ජිනි.. ම්ම් ආ කියන්නකෝ..."
නම්ජූන් ජින්ගේ මුණ එයාගේ අත් අතරට ගන්න ගමන් මේ ගැන වැඩිය ගානක් නැ වගේ ඉන්න හැදුවත් ඇත්තටම එක එහෙම නෙවෙයි ජින් වගේම ජිමින්ට නම්ජූන් පවා ආදරේ කරා ඒත් එයත් මේ වේලාවේ කඩන් වැටුනොත් මොකද කරන්නේ පපුව වේදනාවෙන් කෑගැහුවත් නම්ජූන් ඉවසන් හිටියා ඒ වේදනාව දරාගන්න බැහැ මොන සහෝදරයටද දරාගන්න පුලුවන් තමන් පණ වගේ ආදරේ කරන පරිස්සම් කරන තමන්ගේ මල්ලී එහෙම මැෂින් ගොඩක් මැද හුස්ම අදින විදිහ.
"ම්..ම..මට බෑ ජූනි..."
"ජිනි මම දන්නවා ඒත් මම පොරොන්දු වෙනවා අපේ පැටියව අනිවාරෙන් මම බේරගන්නවා විශ්වාස කරන්න මාව..."
YOU ARE READING
Only Mine | YMS ✔
Fanfictionyoonminseok ✔🍒 Only fanfiction ✔🍒 ship story ✔🍒 main character - MYG, PKJ,JHP category - fanfiction/romance language - SINHALA start day : 14/07/2024 complete day : 10/11/2024 intro & chap 25 write by wnz 🍒