Chapter #9

212 35 43
                                    

නම්ජූන්ට හිටගෙන ඉන්න තරමේවත් පණක් තිබුනේ නැහැ කොහොම විශ්වාස කරන්නද එයාලගේ හූරතලේ දැන් මේ ලොකෙන් යන්නම ගියා කියලා අනික එයාව විශ්වාස කරපු ජින්ට මොනවද කියන්නේ.

නම්ජූන් කරන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව පිස්සෙක් වගේ බලන් ඉන්නකොට ජිමින් මැෂින් ගොඩක් එක්කම හුස්ම වෙනුවෙන් කරපු සටන අතැරලා ඉවරයි දැනටමත්.

"මගේ පැටියා.... කිම් නම්ජූන් තමුසේ කිව්වා නේද මගේ පැටියට මොකුත් වෙන්නැ කියලා තමුසේ කිව්වා නේද තමුසේව විශ්වාස කරන්න කියලා...

තමුසේව විශ්වාස කරා මම කතා කරපන් මිනිහෝ ඇයි මගේ පැටියට එහෙම වෙනකන් බලන් හිටියේ උබ ඩොක්ටර් කෙනෙක්ද උබට බැරි වුනා මගේ පැටියව බේරගන්න..."

ජින් නම්ජූන්ගේ කොලර් එකෙන් අල්ලගෙ නොනැවතී වැටෙන කඳුලු එක්කම කෑගැහුවේ නම්ජූන් ඔහේ බලන් ඉන්නකොට.

ජින්ගේ මේ හැසිරීමට හොස්පිටල් එකේ සේවකයෝ පවා පුදුම වුනේ එයාලා දන්න ඩොක්ටර් කිම් සෝක්ජින් මෙහෙම හැසිරෙන කෙනෙක් නෙවෙයි නිසා ඇත්ත ජින් කියන්නේ සීතල ගතිගුණ තියෙන කෙනෙක් ඒත් එයාගේ මල්ලීට මේ ලොකේ ඉන්න හොඳම හ්‍යුන්ග්.

"තමුසේලා ඔය මොකක්ද කරන්න හදන්නේ අයින් වෙනවා මගේ පැටියා ලඟින්...

පිස්සුද ඕයි පණ තියෙන මිනිස්සුන්ව සුදුරෙදි වලින් වහන්න හදන්නේ..."

ජිමින් එයාගේ ජිවීතේ අතැරලා ඉවරයි ඒත් ජින් කැමති නැහැ එක පිළිගන්න කොහොම පිළිගන්නද තමන් එක්ක හූරතල් වෙන එයාගේ මොචි බොලේ එයාව දාලා ගිහින් කියන එක.

නම්ජූන් පවා මේ වෙන දේවල් බලන් හිටියේ එයාටත් දැන් දරාගන්න පුලුවන් උපරිම සීමාවට දරාගෙන අවසන් නිසා හොස්පිටල් එකටම හිටපු cold ඩොක්ටස්ලා දෙන්නම අද පොඩි එවුන් වගේ හොස්පිටල්ම එකම දෙවනත් කරන විදිහ බලන් ඉන්නවා ඇරෙන්න කාටවත් කරන්න දේකුත් නැහැ මොකද මේක සුරංගනා කතාවක් නෙවෙයි මැරුණ කෙනෙක්ට පණ දෙන්න.

ජිමින්ගේ බොඩි එක ගෙනියන්න ආපු අයටත් බැන බැනම ජින් ගිහින් දැනටමත් සීතල් වෙලා තිය්න ජිමින්ගේ අතකින් අල්ලගෙන පිස්සෙක් වගේ කියවන්න ගත්තේ නම්ජූන් පවා ජින් ලඟින්ම ගිහින් උරහිසට හේත්තු වෙනකොට.

Only Mine | YMS ✔Where stories live. Discover now