මම බොහොම අමාරුවෙන් සීතල පොළවෙන් නැඟිට ගත්තේ දැන් වේලාව කීයද කියලවත් මම දන්නැ අඩුම කොච්චර වේලාවක් මම මේ විදිහට බිම වැටිලා හිටියද කියන්නවත් මම දන්නැ.
මම දන්න එකම දේ කවදාවත් මට එක වචනයක්වත් නොකියපු හ්යුන්ගී අද මට අත පවා ඉස්සුවා කියන්න විතරයි මට කම්මුලෙන් දැනෙන වේදනාවක් නැ ඒත් පපුව ඇතුලේ ඉඳිකටු වලින් අනිනවා වගේ සියුම් වුනත් දරාගන්න බැරි වේදනාව ඉවසන්න හරි අමාරුයි.
හ්යුන්ගී ගියපු ගමන් මම කරේ කාමරේ දොරත් ලොක් කරන් එතනම බිම හිටපු එක නූනලා කුකී ඇවිත් කොච්චර නම් කතා කරත් මම කරේම එකම විදිහට හිටපු එක ඇයි මටම මෙහෙම දේවල් වෙන්නේ? හ්යුන්ගීට මොකක්ද වුනේ ඇයි එයාට ඒ තරම් කේන්ති ගියේ අඩුම මම මගේ වැරැද්දවත් දන්නැනේ.
වේලාව කීයද... ඔව් හරියටම දැන් පාන්දර 2:40... මට තවත් මෙහෙ ඉන්න බෑ මගේම ගෙදර මේ දැනෙන පිටස්තර හැඟීමට මම වෛර කරනවා... මට යන්න ඕනි මේ හැමදේම අතැරලා ඔව් හැමෝගෙන්ම හැංඟෙන්න ඕනි මට.
ගෙදර හැමෝම නිදි අඩුම සිකුරිටිවත් දැනගන්න එකක් නැහැ මම ආවා කියලා ඒ මනුස්සයත් නිදි ඒත් මම මහා පාරේ ඔහේ පිස්සෙක් වගේ ඇවිදිනවා ඒත් එක සැහැල්ලු හැඟීමක් මට මේ දේවල් වලින් හැංඟෙන්න පුලුවන්.
ලයිට් එලියක් එක මන් ලඟටම එනවා නේද.. ම්ම් දිලිසෙනවා ලස්සනයි හරියට හ්යුන්ගීගේ ඇස් වගේ.. මම පියාඹනවා නේද මේ ඒත් ඇයි රිදෙන්නේ මගේ ඔලුව.. කෝ දිලිසෙන ලයිට් කව්ද අර කෑගන්නේ.. මට දැන් හරි මහන්සි වගේ.
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
flashback..."යූන්ගි කොහෙද යන්නේ කෝ ජිමින්..."
යූන්ගි යන දිහා බලන් හිටපු ජෙනී එහෙම ඇහුවත් යූන්ගි එක ඇහුනේ නැහැ වගේ කාර් එකත් drive කරන් කෙලින්ම ගියේ හොබිගේ ගෙදරට.
යූන්ගි එකපාරට කඩන් වදින එක mr.jung & mrs.jung දෙන්නට හොඳටම පුරුදු දෙයක් වුනත් අද මේ යූන්ගි කෙලින්ම හොබිගේ රූම් එකට ගියපු විදිහ අමුතුයි කියලා තේරුණත් ඒ දෙන්නා පාඩුවේ ඉන්න තීරණේ කරේ පව්ල් ප්රශ්න එයාලම විසඳගත්තාවේ කියලා හිතන ගමන්.
YOU ARE READING
Only Mine | YMS ✔
Fanfictionyoonminseok ✔🍒 Only fanfiction ✔🍒 ship story ✔🍒 main character - MYG, PKJ,JHP category - fanfiction/romance language - SINHALA start day : 14/07/2024 complete day : 10/11/2024 intro & chap 25 write by wnz 🍒