"නැහැ මිස්ට ඔයාලා හිතන දේ නෙවෙයි ඇත්ත... පාක් ජිමින් කියන්නේ මගේ හස්බන්ඩ් වගේම යූන්හො කියන්නේ මගේ දරුවා..."
ඒ ඇත්තටම හිටියේ සාරා... සාරා කියන්නේ යූන්ගිගේ පෙනුමට සමාන වුන කොරියන් ජාතික කාන්තාවක් වගේම රෝස්ගෙ ලඟම යාළුවෙක්. රෝස්ගෙන් ලැබුන ඉල්ලීමක් නිසාම සාරා ජිමින් යන එන තැන් ගැන අවදානෙන් හිටියේ හදිසි තත්වයක් ඇති වුනොත් මේ විදිහට මුණ දෙන්න හිතන්.
සාරා කිසිම සැකයක් ඇති නොවෙන්න ජිමින්ගේ ලඟට ගිහින් දැනටමත් ලාවට වේව්ලන ජිමින්ගේ අත අල්ලගත්තේ යූන්ගි තාමත් දිගටම ජිමින්ගේ ඇස් දිහාම බලන් ඉන්නකොට.
ඔව් යූන්ගිට විතරක් නෙවෙයි හොබිට පවා මේ මොහොත අමාරුයි එයාලගේ බොලේ ගැන දැන් එයාලට කිසිම අයිතියක් නැහැ කියලා දැනෙන හැඟිම ඒ දෙන්නට දරා ගන්න බැරි වේදනාවක්.
ජිමින් තවත් එයාට දැනුන ඒ නමක් නොදන්න හිස් හැඟිම දරාගන්න බැරිම තැන එලියට ආවේ බෝල ඇස් වල කඳුළු පුරොගෙන හොබී වගේම යූන්ගි දිහාත් බලාගෙන හිටපු යූන්හොවත් අරගෙනමයි.
"පපා...."
"පපා අනේ මට බය හිතෙනො..."
"පපා ඔයා අඬන්න එපා... පපා..."
යූන්හො එක දිගට ජිමින්ව හොල්ල හොල්ල කියෙව්වා වුනත් ඒ කිසිදෙයක් ගානකට නොගත්ත ජිමින් සූබින්ට කෝල් එකක් අරන් යූන්හොව බලාගන්න කියලා සාරා එක්ක යූන්හොව යැව්වේ මේ වේලාවේ ජිමින්ට තනියම ඉන්න ඕනි නිසා.
එක හරි අමාරු හැඟීමක් පණ හා සමානවම ආදරේ කරපු තමන්ටත් වඩා දන්න මිනිස්සු ලඟ අමුත්තෙක් වෙනවා කියන්නේම දරාගන්න බැරිම හැඟිමක් දැන් ජිමින් පවා මුණ දිලා ඉන්නේ ඒ තත්වේට ඉතින් එයාට ඕනි දැන් තනි වෙන්න.
**
ජිමින්ගෙ සිද්ධියෙන් පස්සේ යකෙක් ආරුඪ වුන යූන්ගි හැමෝටම බැනලා මේ වෙනකොට ආගිය අතක් නැති වෙනකොට හොබී හැම අතින්ම අසරණ වෙලා... යූන්ගි කොහොමත් ජිමින්ට තමන්ටත් වඩා ලඟ බව හොබි දන්නවා ඉතින් එයාට දැනෙනවා යූන්ගි ඉන්න තත්වේ ඒත් මේ වේලාවේ තමන් ඉන්න තත්වේ? හොබි බලාපොරොත්තු වුනේ දුරින් ඉදන් හරි එයාගේ බෝලෙව බලාගන්න වුනත් අන්තිමට සිද්ධ වුනේ එයාව අයිති නැහැ කියලා දැනගන්න.
YOU ARE READING
Only Mine | YMS ✔
Fiksi Penggemaryoonminseok ✔🍒 Only fanfiction ✔🍒 ship story ✔🍒 main character - MYG, PKJ,JHP category - fanfiction/romance language - SINHALA start day : 14/07/2024 complete day : 10/11/2024 intro & chap 25 write by wnz 🍒