Chapter #23

83 30 63
                                    

"යූ ඇයි ඔයා මේ එළියේ ඉන්නේ...?"

"අහන්නකෝ මිකී මම අද කුකී අංකල් එක්ක එළියට යනවා..."

"හොරෙන්?"

"ඔව්... අද පපාගේ උපන්දිනේ මට එයාට ගිෆ්ත් එකක් ගන්න ඕනි අනේ...."

"අහුවුණොත් එම..."

"එම වෙන්නැ මම සූ ඩැඩා එන්න කලින් එනෝ..."

දවස් දෙක තුනක බැඳීමක් වුනත් හොබීට යූන්හොව දැනුනේ එයාගේම දරුවා වගේ ඒ නිසා හොබී මේ සතියම වගේ හිටියේ යූන්හො එක්ක වෙනකොට කවදාවත් ජිමින්ව ඇහැට අහු නොවෙන විදිහට දෛවය සැලසුම් කරලා තිබුනේ ජිමින්ව රෝස් එක්ක වැඩ වලට හිර කරලා.

හොබී එනකම් pre school එකෙන් එළියට වෙලා බලන් හිටපු යූන්හො හොබී ඈත තියාම එනවා දැකපු ගමන් ගිහින් ඇඟේ එල්ලුනේ හොබීත් යූන්හොව වඩාගන්නකොට.

"මම පරක්කු වුනාද යූන්...?"

"හී... නැ හොබී ඩැඩා..."

"ඩැඩා..?"

"මේකනේ මම මගේ අංකල්ට කියන්නෙත් ඩැඩා කියලා ඔයාත කිව්වට කමක් නා නේ එහෙම..."

"බබා කැමති නම් ඕනි නමක් කියන්න..."

"හලි... අහන්නකු දැන්... අද මගේ ප... මමාගෙ උපන්දිනේ... එයාත ගිෆ්ත් එකක් ගන්න ඕනි... මම ලඟ සල්ලි තිනෝ..මාව එක්ක යනෝද හොබී ඩැඩා..."

"බබාගේ ඩැඩාගෙන් ගුටි කන්නත් පුළුවන් වෙයි වගේ..."

"ඔයා බයයිද..."

"ම්හ්... නැහැ අපි යමූ..."

"හොඳ ඩැඩා..."

යූන්හො එයාගේම අප්පට ඩැඩා කියන්න තිබුණ ආසාවට ඩැඩා කිව්වට ඒ වචන අස්සේ තිබුන ඇත්තම හැඟීමට හොබී අතරමං වුනා.

"යමුකෝ ඉතින් හොබී ඩැඩා..."

යූන්හො යමු කිව්වාම තමා මම හරි සිහියට ආවේ... එක හරි අමුතු හැඟීමක් වෙන කිසිම දරුවෙල් ලඟ දැනෙන්නේ නැති යූන්හො ලඟ විතරක්ම මේ දැනෙන හැඟීම එයා ඩැඩා කියද්දී මගේ හදවත් ඇයි මේ තරම් වේගෙන් ගැහෙන්නේ ඇයි මේ තරම් සතුටක්... හරියට නැතිවෙලා තිබුන මට වටින දෙයක් හම්බවුනා වගේ... තේරුම් ගන්න පුළුවන් එක දෙයයි හේතුවට හරි අහේතුවකට හරි යූන්හො මගේ දරුවෙක් කියලා දැනෙනවා.

Only Mine | YMS ✔Where stories live. Discover now