" එක්ස්කියුස්මී... ඔයා ජන්කුක් නේද... "
" ඔව් ඔයා කව්ද මං ඔයාව දන්නවද ? "
" අනී... අනියෝ... ඔයා මාව දන්නේ නෑ ඒත් මං ඔයාව දන්නවා කොලේජ් එකේ පොපියුල සින්ගර් කෙනෙක්නේ ඔයා එනිවේ මං beom seok... park beom seok "
" ඔහ් එහෙමද nice to meet you beom seok ඒනම් අපි යන්නම් පරක්කු වෙනවා... "
ජන්කුක්ගේ අතින් අල්ලගත්ත හෝසොක් එයාත් එක්ක පරිස්සමට අඩිය තිබ්බා... හෝසොක්ට beom seok ගැන කිසිම හොඳ හැගීමක් දැනුනේ නෑ... ඒ නිසාම එයාව මගහැරලා ජන්කුක්වත් එක්කගෙන ලෙක්චර් හෝල් එකට ආවේ ලෙක් එක පටන් ගන්න විනාඩි විස්සක් විතර ඉතුරු වෙලා තියෙද්දි...
පැය තුනක ලෙක්ච එක ඉවර උන ගමන්ම ජන්කුක්ට වොශ්රූම් යන්න ඕනි වුන හින්ද එයාව ඒකටත් එක්කගෙන ගිහින් වැඩ ඉවර වුනාට පස්සේ කැන්ටිම පැත්තට යන්න හැදුවේ මේ වෙලාවේ ජන්කුක් ඉන්නේ ගොඩක් බඩගින්නේ කියලා හෝසොක් අත්දැකීමෙන් දන්න හින්දා...
ජන්කුක් කැමතිම කෑමත් අරගෙන කවුරුත් නැති අයිනකට වෙන්න තිබුන ටේබල් එකකින් දෙන්නම ඉදගත්තේ ඒ දෙන්නට අද දවසට ආයෙම ලෙක්චර් එකක් නැති නිසා පොඩ්ඩක් කතා කරන්න...
කෑම කන්න කලින් ජන්කුක් ටේට කෝල් කරලා එයාගේ ලෙක්චස් ඉවරයි කියලා එයාගේ ලොකේශන් එක ශෙයා කලේ එයාව ගන්න එන්න කියලා මොකද ජන්කුක් හිතාගෙන හිටියා කෑම කාලා ඉවර වෙලා හෝසොක් එක්ක ශොපින් කරන්න යන්න... ඉතින් දෙන්නත් එක්ක එකතු වෙලා කන ගමන් ඕපදූප ටිකකුත් කියවලා යුනිවසිටි එකෙන් එලියට ආවා...
පාරේ යන ටැක්සි එකක් නතර කරගත්ත ජන්කුක් හෝසොක් දෙන්නා ඒකට යන්න ඕනේ ගමනාන්තේ ගැන කියලා ඒ දෙන්නගේ කතාවකට වැටුනේ එයාටල ඒ ගමනය පැයබාගෙකට වඩා යන හින්දා...
ටැක්සි එක ශොපින් මෝල් එකෙම් නතර කලාට පස්සේ දෙන්නත් එක්කම ටැක්සි එකෙන් බැහැලා මෝල් එක ඇතුලට ගියේ ඒ දෙන්නගේ පස්සෙන් තවත් කෙනෙක් එනවා කියලා නොදැන
කිඩ්ස් සෙක්ශන් එක ඇතුලට වෙලා බබාට ඇදුම් තෝර තෝර ඉදපු ජන්කුක්ගේ ඇගේ ඇවිත් කෙනෙක් හැප්පුන නිසා එයා වැටෙන්න ගියත් එයා ජන්කුක්ව වැටෙන්න දෙන්නේ නැතුව අල්ලගත්තා...

STAI LEGGENDO
💞 Δяяαиɢɛ∂ мαяяιαɢɛ 💞 [Taekook] (Completed)
Fanfictionපොඩි කාලේ පුංචි ළමයි දෙන්නෙක්ට එයාලගේ දෙමව්පියන් විසින් සිදුකරන විවාහයක් නිසා විවාහ වුනු දෙන්නෙක්... ඒත් ඒ විවාහය ඒ දෙන්නා ලොකු වෙනකොටත් තියේවිද... " ඔයා ලට ගියාට පත්තේ මාව අමතක කලන්නේ නෑ නේද... " බෝල ඇස් වල කදුලු පුරවගෙන එයාගේ හස්බන් යන දිහා බලන...