අපි එහෙම්ම අයියගෙ බයික් එකේ ලග පන්සලට ආවා ...
____________________________________________"ම්ම්ම් කියන්න අයියෙ මොකක්ද කියන්න තියේ කිව්වෙ අනේ..."
අයියාගෙ සීතල බැල්ම තාමත් එහෙම්මමයි...
" අද මොකක්ද ස්කෝලෙදි උනේ..."
" ම්..මු...කුත් නෑ අයි...යෙ ..මුකුත් නෑ ඇ..යි ඒම ඇහුවෙ..."
" නැත්තෙ නෑ සයාෂ් මට ඇත්ත කියන්න ඇයි ඇඩුවෙ.. ආ..."
"මුකුත් නෑ නෙ අයියේ...."මන් ආයෙත් බිම බලාගෙන මිමිනුවා..
" යෂ් මට ඇත්ත කියහං බන් මොකක්ද උනේ ආ..." අයියා කේන්තිය මුසු තද කටහඬින් කියද්දී ඒ තත්පරේම ආයෙත් මගෙ කදුලු නාලිකා පණ ගැහුවා.....
"සමාවෙන්න යෂ්...ෂ්ෂ්ෂ් ..දැන් නඩා මට මොකක්ද උනේ කියන්නකො..."
අයියා ඉක්මනටම මගෙ ලගට ඇවිත් මන් හීනෙකින්වත් නොහිතපු විදිහට මාව තුරුල් කරගෙන සන්සුන් කරා...____________________________________________
මන් අයියට සේරම දේවල් කිව්ව ...එයා සද්ද නැතුව අහන් ඉදලා මගෙ නම්බර් එකත් ඉල්ලගෙන ගේ ලගින් ගෙනත් බැස්සුව..
" ඔයා මුකුත් හිතන්න එපා යෂ්.. පරිස්සමින් ඉන්න මන් බලාගන්නම්. හෙට ස්කෝලෙ එන්න අනිවාරෙන්..." අනේ එයා ආයෙත් යෂ් කියද්දි මාව නිකන්ම ගොලු උනා දෙයියනේ..නිකම් දැන් නම් නිකම් බඩ ඇතුලෙ සමනල්ලු පියාබනව වගේ...
" cute" අයිය ඒ කිව්ව දේත් එක්ක මගෙ ඇස් ගැස්සුනා ..අයියත් ඒක දැක්කා..."ම්..මොකක්ද අයි..යෙ.." මන් ඒක ඇහුවම අයියා කට කොනින් හිනා වෙලා මගෙ කම්මුල මිරිකලා යන්න ගියා ...ඒත් මන් තාමත් එයා යන දිහා බලන් හිටියා...
හැම වෙලේම බුම්මන් ඉන්න ගෝරිල්ල අද හිනා උනා ...අනේ ඒ හිනාවෙ ලස්සන...
මන් එහෙම්ම ගෙදරට ගියා යද්දි ඔක්කොම කට්ටිය ලොකු කතාවක් හැබැයි අප්පච්චි නෑ..." ආ..චූටි පුතා එන්නකො ටිකක්.."
අම්ම බැරෑරුම් මූණක් මවාගෙන මට කතා කරා ඉතිම් මන් මුකුත් නොකිය ගිහින් බෑග් එකත් කරේ දාගෙනම එහා පැත්තෙන් වාඩි උනා...
" ඇයි අම්මා මොකක්ද අවුල.."
මන් අම්මගෙන් ඇහුවත් අයිය ඊට කලින් ඉස්සර උනා ...
" ගෙදර ආයෙ ගෙවල් අයිතිකාරයට ඕනලු බන්.."
"මොකක්...ඒ ඇයි ලොකූ අපි අවුරුද්දකට සල්ලි ගෙවුවනෙ...""දන්නෙ නෑ චූටියො..සති දෙකක් ඇතුලත ගෙයක් හොයාගන්නලු .."
අයියා කියද්දි මන් බැලුවෙ අම්මගෙ මූණ දිහා ..අම්මත් අවුලෙන් වගේ හිටියෙ .." ගෙයක් තියෙනවලු මාරවිල පැත්තෙනම්..මාෂි දූගෙ අම්මා කිව්වෙ චූටි.."
අම්ම කියද්දි මන් එයා දිහා බැලුව ..
" ම්..අම්මලට හොද දෙයක් කරන්න ඉතිම්.."
මන් අම්මලට හිනාවක් දීගෙන එහෙම්ම ගියෙ කාමරේට ..පෝන් එක අරන් මාෂියට මැසේජ් එකක් දාන්න..ඒත් පෝන් එක ඔන් කරද්දිම unknown number එහෙකින් වට්ස්ඇප් එකට මැසේජ් එකක් ඇවිල්ල තිබ්බා .....
...හෙඩ් පිපෙට්...😁
____________________________________________● කවුද දන්නෙ නෑ නේද මැසේජ් එකක් දාලා තියෙන්නෙ...
● ඊලග චැපිය ඉක්මනට දෙන්නම්...😁😘❤
● බායි පවුකාරයිනේ...
YOU ARE READING
...සයාෂ්...(Yizhan )
Romanceකඳුලක් නොවූ මගේ කතාව....🥺❤ කියවලා බලන්න මේක මගෙ පලවෙනි කතාව...😩❤