Episode 12

88 11 4
                                    

අයියා ඒම කිව්වම මම හිනා වෙලා ඔලුව වැනුවා ... ඊට පස්සෙ එයා මට හාදුවක් දුන්න ඒත් තොල් වලටවත් කම්මුල් වලටවත් නෙවේ ... නලලට ... ඔව් ආදරය වෑහෙන නළල් හාදුවක්  ආයෙමත් ...ඒකත් ආදරණීයම පිරිමි පරාණයකින්........
......................................…...............................

"අයියෙ..." මට අයිය ඉස්සරහම මිමිණුණ...

අපි දෙන්න ටිකක් වෙලා කතා කර කර හිටිය පස්සෙ අයිය හඩ අවදි කරා...

" අපි යන්ද චූටි මහත්තයො අර පැත්තට..."

"හ්ම්ම් යන් අයියෙ .."

පස්සේ  අපි දෙන්නම එතනින් එන්න ආවා.. අපි එද්දි සක්‍රයයි තරුයි ලොකු කතාවක්... ඒකත් ඉතින් අලුත් අල්ලගෙනම... හ්ම් හරිම අගෙයි හරිම අගෙයි මෙතනත් මොකක් හරි වෙනවා වගෙයි....

කොහොමින් කොහොම හරි තාම තනිකඩව ඉන්නේ අපේ අසරණ මාෂීයයි නෙතුයි විතරයි...

______________________________________

අපි එහෙම ඒක ඉවරවෙලා එන්න ආවා. අනිත් උන්ව එක්කන් යන්න අම්මල ඇවිල්ල හිටිය.. අපේ ගෙදරට මම කිව්වා අයියත් එක්ක එන්නම් කියලා ... හි...හී... නැත්නම් බෑනි පව්කාරයිනේ මගේ සංකුට්ටා  තනියමනේ යන්න ඕනේ...

අයියයි මායි  ඉතින් එයාගෙ bike එකේ එන්න පිටත් උනා ... ඒ එනකොටත් අපි දෙන්න හරි ආදරෙන් කතා කර කර ආවා...

උපරිම විනාඩි විස්සක් යන්න ඇති මම අපේ ගේ ඉස්සරහා... අයියලාගේ එහා පැත්තෙ උනොත් එයා බයික්  එකෙන් බැහැලා ඇවිල්ල මාව අපේ අම්මගේ අතටම දීලා තමයි ගියේ...

අනේ මන්ද මට කියන්න තේරෙන්නේ නෑ. තාත්තගෙ ආදරේ විදල  නැති මම ඒ ආදරේ හරි ලස්සනට අභීගෙන් විඳිනවා..

පස්සේ ඉතින් අම්මටත් අද වෙච්ච දේවල් කියලා .. වොෂ් එකක් දාගෙන මම කන්න ආවා...

අදත් අක්කා නෑ... අයිය විතරයි සාලෙ කකා හිටියේ... අනේ මන්දා ඒත් අයිය හුගක් වෙනස් වෙලා... අපෝ නෑ මම වැරදියි. එයා කලින් විදිහටම ආයෙත් හැඩ ගැහිලා... මොකද කියනවනම් මට තාත්තෙක් උනේ අයියා ඒත් ඉතින් අක්කා හින්ද ඒක වෙනස් වුනානේ....

" අද මොකෝ උනේ චූටි " අයිය මගෙන් ඇහුවා...

". එයාල අද සිංදු කියලනේ ලොකූ.."  අම්මා බත් කන ගමන් කිව්ව  ඒකට අයියත් හිනා වුනා...."

...සයාෂ්...(Yizhan )Where stories live. Discover now