තරූ කියපු සින්දුව අපි හැමෝම සද්ද නැතුව අහන් හිටියා .. අපෙ ගෙදර අයත් එහෙමයි .. පස්සෙ අම්මල තරුවගෙ ගායන හැකියාව ගැන වර්ණනා ඒම කරලා බඩු අස් කරන්න පටන් ගත්තා ඒත් මට තාම මතක් වෙන්නෙ සකුන් අයියා කියපු දේ.....
____________________________________________අපි ඔක්කොම එකතු වෙලා බඩු අස් කරලා ලොරියට පැටෙව්වා...3, 4 පාරක් අදින්න උනා බඩු ගොඩක් තිබුන නිසා ..ඉතිම් මන් දැනුයි ඒ ගෙදරට යන්න හදන්නෙ එතකම් මන් දැනන් හිටියෙ නෑ ඒක මොනවගේද කියලවත්...
" එහෙනම් සහෝ අපි කැපෙනවා.."
( අපේ මාෂි කෙල්ල.😁🙈.)
මාෂි කියද්දි අනික් අයත් ඔලුව වැනුවා...
" ඔව් දවල් උනත් එක්කනෙ සයාෂ් ..අපි හෙට හම්බෙමු එහෙනම් ස්කූල් එකේදී..."" ඔව් ඔව්.. තරූ ඒකනෙ දැන් සයාෂ් රූම් එක හදාගන්න .." ඒම කියල අපේ අම්මටත් වැදල ඔක්කොමලා ගියා... උන් හිටිය එක ඇත්තටම ලොකු දෙයක් නැත්තම් මෙහෙම ඉක්මනට බඩු අස් කරන්න වෙන්නෙ නෑ...
මේ ගෙදර ඉතිම් කියන්න තරම් වරදක් නෑ කාමර 4 යි , සාලෙකුයි , බාත්රූම් 2යි , කුස්සියයි එක්ක ලස්සන ගෙදරක් ...ඉතිම් මන් මුලින්ම ඇතුලෙ බාත්රූම් එකක් තියෙන කාමරේ අල්ලගත්තා..
මන් ඉතිම් කාමරේට බඩු ටික ඇදගෙන අස් පස් කරලා ජනෙල් 2 ටිකක් ඇරිය දාඩිය නිසා එතකොට මන් දැක්ක එහා පැත්තෙ ගෙදර වැලේ අපේ ස්කූල් එකේ යුනිෆෝම් එකක් වනල තියෙනවා ..මන් හිතන්නෙ අයිය කෙනෙක් වෙන්න ඇති කවුද දන්නෙ නෑ...
...................................................................................ගෙදර බඩු ඔක්කොමත් අස් කරලා Wash එහෙකුත් දාගෙන මන් අම්මල ඉන්න පැත්තට ගියා කයියක් ගහන්න ..
YOU ARE READING
...සයාෂ්...(Yizhan )
Romanceකඳුලක් නොවූ මගේ කතාව....🥺❤ කියවලා බලන්න මේක මගෙ පලවෙනි කතාව...😩❤