episode 11

121 16 1
                                    

අපි ඇතුලට ඇවිල්ල බීම එකක් ඒම බීල ගියා ස්ටේජ් එක පැත්තට...පස්සෙ ඉතිම් සකුන් අයියට යන්න උනා වැඩ වගේකට...ම්හුක්...එයා ඉතිම් HP නේ....
___________________________________________

අනේ මියුසික් ඉවෙන්ට් එක පටන් ගත්තා  ඉතිම් ...මුලින්ම  සින්දු කිව්වෙ නවය වසරෙ පොඩි එකෙක් හැබැයි ලස්සනට කිව්වා...

දැන් කියන්න ඉන්නෙ අපෙ ජෝඩුව ...මගෙ පවුකාරයා තරුයි සක්‍රයියයි...හී ..හී අන්න කියන්න යන්නෙ ... මුන් දෙන්න ඇත්තටම ලව් ද මන්ද අප්පා ස්ටේජ් එකට නැග්ගෙත් දෙන්නට දෙන්නගෙ ඇස් දිහා බලන් ....

           ( සහස් =⚪  , තරූ=🔵)

⚪: * " නීල නයන කරකා....  
මාව මගැර බලනා....
සොබනා..මුනිවත රකිනා.." *   මුලින්ම සහස් අයිය පටන් ගත්ත ඇත්තටම ඒක මාරම ටැලන්ට් එකක් භාවනාවක් වගේ...

🔵: * " හබලකි වැව සිඹිනා තාලෙට දිය     බිදිනා..
      සොබනා මුනිවත රකිනා... " * තරූ ගෙ වොයිස් එකත් ඒ වගේමයි ..

⚪🔵: * "සොබනා......."*

⚪ : *" ඔරුවක මල් පුරවා ...
             මල් කුමරුට පිටුපා
                      ඇදුනා...."*

🔵: * "  නෙලනා මල් දෙවැනී...
            වන රුවිනා මල් කුමරී...
        නොයමී...නුවරට මා නොයමී..." *

දෙන්නම එහෙම්ම සින්දුව කියල ඉවර වෙලා කට්ටියට තැන්කූ කියල ඒම පහලට බැස්සා ..

" අනේ ලස්සනට කිව්වද ලමයි අපි ..." තරූ අපි ලගට ඇවිත් ඒම අහද්දී අපි ඔක්කොම ඔව් කියල කිව්වා ඉතිම් මොකද ඒක ඇත්තටම ලස්සනයි ...
"ඔව් ...ඔව් පවුකාරයෝ ඒක නම් භාවනාවක්..."
" මන් දන්නව ඒක කොහොමත් ..." ඒ ඉතිම් ගොන් සක්‍රයා... ඊව් ...තිරිසන් සහසා...

____________________________________________

ඔක්කොමලා හිනා වෙවී හිටියත් මන් කලබලෙන් හැම තැනම එක රූපයක් හොයනවා...වෙන කවුරුත් නෙවේ අභී අයියා...ම්හුක්... එයා නෑ නෙ අප්පා එයා හෙඩ් පිපෙට් නිසා එයාට වැඩ ගොඩයි.....පවු අනේ ...ඊලගට අපේ මාෂි යන්න ඉන්නෙ මොනා කරගනීද දන්නෙ නෑ ඕකි ... ඒත් අනේ ඒකිගෙන් පස්සෙ මම යන්නෙ ස්ටේජ් එකට ඒත් අයිය නෑනෙ අප්පා .... හී ...හී.. ඔව් මමත් කියනවා ... මගෙ යාලුවො ඔය මගෙ වොයිස් එකෙන් සින්දුවක් අහන්න යන පලවෙනි පාර ...

...සයාෂ්...(Yizhan )Where stories live. Discover now