" ගොඩ කාලෙකට පස්සේ අද තමයි චූටි අයියා හිනාවෙනව දැක්කේ...."අම්මා අයිය සතුටින් ඉන්නවා දැකලා කිව්වේ.... නෑ ඇත්තටම අයියා ගොඩක් සතුටින් ඉන්නෙ...
" ඔවු නේද අම්ම ගොඩකාලෙකින්.. අයියා මෙච්චර සතුටින් හිටියේ.."
අපි ඔක්කොම කාලා බීලා කතා කර කර හිටිය අප්පචිත් ආව ඉතින් .. හොඳම වැඩේ කියන්නෙ පොඩි මෑන් දේව් අයියගේ අතේම නිදි....
එදයින් පස්සෙ කාලෙ ඉතින් එහෙම ගලාගෙන ගියා... අයියලාගේ එක්සෑම් එකක් ඉවර වුණා. ඒත් හොඳ වෙලාවට අයියලා ඉස්කෝලෙන්නම් යන්නෑ .. මොකද එයා හෙඩ් පිපෙට්නේ...
එහෙම උනොත් හොඳ වෙලාවට ගෙවල් ළඟ උනාට මට මේ පැය ගානවත් එයාව බලන්නෙ නැතුව ඉන්න බෑ...
ඒ අස්සෙ මේ ටිකේම තව වැඩක් වෙනවා මං අභීට කියන්න ගියේ නෑ... ජවන හරි අමුතු විදිහට මාත් එක්ක හැසිරෙන්නේ...
පෙරේදා පන්තිය කවුරුත් නැති වෙලාවේ ජවන් මාව කිස් කරන්න වගේ ආවා.. ඒත් ඇයි එයාලා කියන විදියට එයාට මාව අප්‍රිය වෙන්න එපැයි... අනිත් එක ක් එයා සෑහෙන්න අයියට බයිනවා... මූණට නෙමෙයි. මං ඉන්න තැන හින්ට් එකක් විදිහට... බලමු... මොකක්ද වෙන්න යන්නේ කියලා...
ඒ අස්සෙ දැන් ඉතින් එක්සෑම් එකත් ළඟයි අපිට ඔව් ඔව් ඔයාලා හරි o/l තමයි... මට නම් පිස්සු වගේ... අපිට දැන්ම නෙමෙයි තියෙන්නේ... අයියලාගේ රිසාල්ට් එක ආවට පස්සේ...
" සයාශයෝ......."
".........."
"හුට්ටෝ...."
"ආ... උඹ මටද බං කතා කරේ.."
" ඔව් ඔව් උඹට තමයි Http නැත්නම් තොගේ බාප්පටද...
" අඩෝ... අඩෝ... මාෂී සොරි බං වෙන කල්පනාවක හිටියේ...."
" ඔව් ඔව් මට පේනවා උඹේ කොහොමත් වෙන කල්පනාවක් තමයි කියල... මොකද මොකද සකුන් අයියගෙ වොන්ඩකෝන් එක මතක් වෙනවද...."
මාෂී ඒක කිව්වට පස්සෙ තරුත් හිනා වුනා... මාගේ සුපුරුදු පරිදි රතු කට්ට පැන්නා කියලද හිතුවේ අපෝ නෑ මගේ කම්මුල් රතු උනාද කොහෙද මං හිතන්නේ..." අනේ නිකන් හිටහං බං.. උඹ මොකද්ද මට කියන්න හැදුවේ කියපන්කෝ...."
YOU ARE READING
...සයාෂ්...(Yizhan )
Romanceකඳුලක් නොවූ මගේ කතාව....🥺❤ කියවලා බලන්න මේක මගෙ පලවෙනි කතාව...😩❤