ඒ පීරියඩ් එකෙත් අපි කයියක් ගගහා ඉදියා ..පස්සෙ ඉතිම් intervel බෙල් එක ගැහුවම අපි හතර දෙනාම ඉක්මනට කාලා අඹ ගහ ලගට ගියා සකුන් අයියල එතන ඉන්නව කියල දන්න නිසා ...
" මේ කවුද මේ අලුත් ඩබල ..." සකුන් අයියට කලින් සක්රයා පැනල ඇහුවා ..
" මේ අපේ අලුත් යාලුවො දෙන්න ඇයි මොකෝ.." මාෂිත් කිව්වා මුකුත් නෑ ඉතිම් ගහගන්න වගේ..
"අනේ ..ඇට ගෙම්බි පැත්තකට වෙලා හිටු ..." සහස් අයිය හිනා වෙලා කිව්වම මේකි මැරෙන්න හැදුවා...ඔහොම කයිය ගගහ ඉද්දි මට මතක් උනේ අපේ ස්කූල් එකේ ඊලග සතියෙ තියෙන singer function එක ගැන..
"මේ සකුන් අයියෙ ඊලග සතියෙ ඔයාලත් සින්දු කියනෝද? අනෙව්...👉👈"
" මන් නම් නෑ චූටි ඒත් අපේ සහසා නම් ඉන්නවා ..නේද බන් " ඒම කිව්වම මන් බැලුවෙ සක්රයා දිහා ඇයි ඉතිම් මන් දැනන් හිටියෙ නෑනේ සින්දු කියන්න පුලුවන් කියලා ...ඒ බලද්දි මූ තරූ දිහා බලාගෙන ඉන්නවා උරුලෑවා..
"ම්ම්ම් ඔව් නේද?"
"අනේ සින්දුවක් කියන්නකො අයියෙ..."මායි මාෂියයි කිව්වා .."අපෝ බෑ බන් දැන් ඕවා කියන්න .."
"අනේ..අයියෙ කියන්නකො අප්ප අහන්න " ඒ පාර ඒක කිව්වෙනම් අපි නෙමේ තරූ...
"ම්ම්ම් කියන්නම් එහෙනම් "
කියල එයා කියන්න පටන් ගත්තා ..* ' පෙම් කවක් ලියූ නුඹ
සිත් අහසේ ...
එය මකා දමා ගිය හැටි රහසේ ..' *වාව් ඇත්තටම ඒකනම් මාරම ලස්සනයි..ඉතුරු ටික අහන්න බලන් ඉද්දි ඉතුරු ටික වෙන වොයිස් එහෙකින් ඇහුනා ඒකත් මාරම ලස්සනයි ..
* ' ඔබ මෙතෙක් රැදී වුන් මා මනසේ..
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ....' *
ඒ ඉතුරු ටික කිව්වෙ තරෑ අනේ මන්දා ඒ දෙන්නගෙ වොයිස් දෙකනම් මාරම ලස්සනයි..
" ඒ මල්ලි ලස්සන වොයිස් එකක් නේ" සක්රයා කියද්දි මමත් ඒකට එකග උනා ...
" ඔව් බන් තරූ මාර ලස්සනයි නේ.."
" ඒකනෙ මල්ලි ඔයා මේ පාර මූත් එක්ක dual sing කරන්නකො..ස්කූල් එකටත් අලුත් එකේ.." සකුන් අයිය කිව්ව කතාවට අපිත් එකග උනා ..
YOU ARE READING
...සයාෂ්...(Yizhan )
Romansaකඳුලක් නොවූ මගේ කතාව....🥺❤ කියවලා බලන්න මේක මගෙ පලවෙනි කතාව...😩❤