" ඔයාගෙ උත්තරේ දෙන්න කොච්චර කාලයක් ගියත් මට ඔයා වෙනුවෙන් බලන් ඉන්න පුලුවන් දරුවො...මන් හුගක් ලෝභයි සයාෂ් ඔය ඇස්වලට..."
අයිය ඒම කියද්දි ඇත්තටම මට පවු කියල හිතුන ඉතිම් මන් හිතේ තියෙන දේ කියන්න ගියත් ඒත් එක්කම වගේ කාර් එකක් ඇවිත් නැවැත්තුව ඇහුන පස්සෙ කඩවසම් කොල්ලෙක් ඒකෙන් බැහැල ගෙට ආවා ...
" පොඩී....ඔ..ආ කවුද මේ චූටි ලමයා .."
(විදෙව් ප්‍රභාෂ්වර සේනානායක )
(සකුන්ගෙ අයියා )
(වයස 23)ඒ ආව කෙනා හිනා වේගනම ඇවිත් මගෙ ඔලුව අතගාල ඇහුවා ... අනේ දෙයියනේ එයාගෙ හිනාව අභී අයියගෙ වගේමයි ...
" අ..ර ම..න් අයියට කෙනෙක් ගැන කිව්වෙ මේ එයාහ්..." අයිය ඔලුව පිටිපස්සෙ අතගාන ගමන් කියද්දි අයියා මගෙ මූණ දිහා බලලා සතුටින් හිනා උනා...
" ෂා...මරුනෙ මගෙ චූටිගෙ හිත ගත්ත එක අහන්න දෙයක් ද ඉතිම් ...."
අයියෝ මේ ගෝරිල්ලා මාව කනව නෙ ඉතිම් අර මගුල් අයියටත් කියලද කොහෙද ...අපෝ ලැජ්ජාව...
" අපේ පොඩී එක්ක එහෙනම් කතා කරන්නකො මන් වොෂ් එකක් දාන් එන්නම් චූටියො...ආ ඊට කලින් කියන්නකො නම මොකක්ද කියලා මගෙ මස්සිනා පොඩ්ඩගෙ.."
"ස්...සයාෂ් අයියෙ...." අයිය අහද්දී මන් බිම බලාගෙනම උත්තර දුන්නා අනෙ එයා හරි හොදයි වගේ අප්පා ...
" හ්ම්ම් ...ලස්සන නමක් මම විදෙව්... ඒත් හැමෝම කියන්නෙ දේව් කියල ඉතිම් චූටියො ඔයා කැමති එකක් කියන්න ..."
ඒම කියල දේව් අයිය උඩට ගියා ...මේ දෙන්නනම් ඇත්තටම එකම වගේ...
YOU ARE READING
...සයාෂ්...(Yizhan )
Romanceකඳුලක් නොවූ මගේ කතාව....🥺❤ කියවලා බලන්න මේක මගෙ පලවෙනි කතාව...😩❤