අයියා ඒම කිව්වම මගෙ කම්මුල් අනිවාර්යයෙන්ම රතු වෙන්න ඇති එයාට මන් කට කොනේ හිනාවක් විතරක් දීලා බිම බලාගත්තා ..." දැන් යමුද චූටි මහත්තයෝ..." අයිය මගෙ අවුල් උන කොන්ඩෙ හදන ගමන් ඇහුවා ...
" ම්ම්ම් යන් අභී..."
ඒම කියල ඉවර කරන්න හම්බුනේ නෑ අයිය මගෙ අතින් අල්ලගත්තා .. අනේ මන්දා මට ඒ හැගීම හරි අමුතුයි ..මොකද අම්මගෙන් පස්සෙ මාව කෙනෙක් පරිස්සම් කරනවමයි මේ...මන් දන්නෙ නෑ මට ඇයි මෙහෙම හිතෙන්නෙ කියල ඒත් මෙයා මගෙ තාත්ත මට නැති අඩුව පුරවයි කියලා හිතෙනවා ...
අපි ඇතුලට ගියා අද හුගක්ම සෙනග නෑ ...
පල්ලිය ඇතුලට ගියත් හිත සැහැල්ලු වෙනවා දෙයියනේ ...මන් බෞද්ධ ඒත් මට මේ වගෙ තැන් වලදි ලොකු නිදහසක් හිතට දැනෙනවා...
" චූටි ඉටිපන්දම් ගමු නේද?.."
" හා අයියෙ ගමු නේද ..මන් සල්ලි දෙන්නද?.." මන් ඒම ඇහුවම නිකම් අයියා කුණු මාලු කෑල්ලක් දිහා බලන විදියට මට බැලීමක් දැම්මා ...
" හී...හී.. මොකෝ..."
"මන් ලග සල්ලි තියෙනව ඔයා ගෙවන්න ඕනි නෑ කිසි දේකට මාත් එක්ක ඉද්දි..තේරුනාද?.."
අයියා හරි ආදරණීය විදිහට මගෙ අත අල්ලන ගමන් කිව්වා ...මාත් ඉතිම් හා කියන්න ඔලුව වැනුවා...අපි ඉටිපන්දම් පත්තු කරල යාඤ්ඤා ඒම කරලා අපි එලියට ආවා බීච් එක පැත්තට යන්න ..මන් ආසම අර එතන තියන සුරුවමට අනේ මන්දා කියන්න තේරෙන්නෙ නෑ එතන View එක මාරම ලස්සනයි...
YOU ARE READING
...සයාෂ්...(Yizhan )
Romanceකඳුලක් නොවූ මගේ කතාව....🥺❤ කියවලා බලන්න මේක මගෙ පලවෙනි කතාව...😩❤