episode 8

118 15 9
                                    

අයිය ඒම කියල මාව ලගට ඇදල අරන් මගෙ නිකටින් අල්ලලා ඔලුව උස්සල මගෙ ඇස් දෙක දිහාම බලාගෙන හිටියා ...ඒ තද කලු පාට ඇස් දිහා බලන් ඉද්දි ඇත්තටම කියන්න තේරෙන්නෙ නැති හැගීමක් මුලු හිතම වහගන්නව වගේ....

"මො...මොකක් ..."

"ම්ම්ම්  ..පුලුවන්ද සීදේවි වෙන්න ..."

"අනෙහ්...අභී.." මට එක පාරටම සකුන් අයියට ඒ නමින් කතා කෙරුනා...ඇයි කියන්න මට තේරෙන්නෙ නෑ...

" අයියෝ... මොකෝ මේ බය වෙලා මෝඩ පැටියො හදිස්සි නෑ හිතල උත්තරයක් දෙන්නකො හරිද..."      අයිය හිනා වෙලා ඒම කියද්දි මන් මුකුත් නොකිය සද්ද නැතුව ඉදියා...මගෙ හිතේ ඉතිම් එයාට කැමැත්තක් නැතුව නෙවේ ඒත් ...එක පාර ඒකට උත්තර දෙන්න හොද නෑ ටිකක් ගනන් උස්සන්න ඕනෙ ....

" ආ... මේ අර පුතානෙ එන්න පුතේ ඉඳගන්න ගෙට..."  එක පාරට අම්මගෙ සද්දෙ ඇහෙද්දී අපි දෙන්නම ගැස්සුනා ...හොද වෙලාවට මන් එයාගෙන් ඒ වෙලාවෙ ඈත් වෙලා ඉදියෙ නැත්තම්  ඒම මගෙ බත් කාඩ් එකත් කුඩු....

" අවුලක් නෑ... අම්මා මෙහෙම හොදයි..."  අයිය ඒම කියද්දි අම්මා අපි ලගට ආවෙ ඇදගෙන හිටපු සායෙ අතත් පිහදාන ගමන්මයි ....

" චූටි ...මේ දරුවව දන්නවද එතකොට? ..."

" ඔව් අම්මා මේ අපේ ස්කෝලෙ හෙඩ් ප්‍රිෆෙක්ට් අයියනෙ..." මන් ඒම කියද්දි අයිය අර සීතල පෙනුමෙන් මිදිල අපෙ අම්මට දත් තිස් දෙකම පෙන්නල හිනාවක් දුන්නා ...

" අනේ එහෙමද දරුවො...මොනාඋනත් හරි ගුණ යහපත් දරුවෙක් කියල බැලූබැල්මටම පේනවා ... ඔහොම ඉන්නකො පුතා මන් බොන්න මොනා හරි හදන් එන්නම් .." 

" යැයි ...යැයි  තමා අම්මෙ ඔයාගෙ පුතාටත් ගේන්න ..."

"අනේ මේ ගුටි නොකා ඔය දරුවත් එක්කගෙන ගෙට එනවා ..."     අම්මා ඒම කියල ගියාම මායි අයියයි සාලෙට ගිහින් අම්ම ගෙනාපු බීම එකත් බීල අයෙත් එලියට ආව ...

" ඈ.. අභී අයියෙ ...ඔයා කලින් දැනන් හිටියද අපි එන්නෙ කියල මෙහෙට ..."  මෙච්චර වෙලා හිතේ තිබුණ ප්‍රශ්නෙ මන් අයියගෙන් ඇහුවා...
"ම් ...ඔව් නේ..." අයිය කට කොනින් හිනා වෙලා කිව්වා ...

...සයාෂ්...(Yizhan )Where stories live. Discover now