අයියලාට ඕලෙවෙල් විබාගේ පටන් ගත්ත හින්දා අපි උන්නේ පොතක් බදන්..
හෙට සින්හල කියලා අයියා විචාර ලියනවා දාගෙන..
වැඩ ඉවර වෙලා අපි වත්තේ අහස උඩ යන කුරුල්ලෝ ගනන් කර කර උන්නා..
"අයියේ..."
"ම්ම්.."
"ඔයාගේ අරයා හොදින්ද.."
"ඔව් ඔව්..ආ මෙ.."
"ඇයි.."
"මගෙ යාලුවෙක් උබව දැකලා උබ ගැන අහනවා ඉවරයක් නැ..."
"ඇයි ඒ.."
"අනේ උබ බබා තේරෙන්නේ ම නෑ.."
"නැති හින්දා නේ අහන්නේ.."
"මට පේන්නේ ඌ උබට කැමති.."
"ආ..ඒ උනාට අයියේ අයිතියක් තියෙන තැන දැනෙන්නෑ දැනෙන තැන අයිතියක් නෑ..."
"ඒක ඇත්ත බන්..මේ උබ කාටහරි ආදරේ කරනවද බන්.."
"ම්ම්.."
"අඩෝ සිරාවට.."
"ම්ම්.."
"යසයි පොඩි එකා.."
"හෙ හෙ.."
අපි ඉතින් ටිකකින් ඇතුලට ආවා..හෙට තමයි විබාගේ පටන් ගන්නේ..
උදේ ම ඇහෙද්දි ඇහෙනවා නැන්දා පොල්ගාන සද්දෙ..මන් ගිහින් ඉතින් පොල් ටික ගාලා දුන්නා...අලි බබාට කිරිබත් උයනවා..
අම්මා ගිහින් අයියට ඇහැරවන අතරේ මාත් වොශ් එකක් දාගෙන ඇවිත් අයියාට තේ එකක් හදන්න ගත්තා..
අයියා,ඇවිත් මාව පිටිපස්සෙන් බදාගත්තා කියහන්කෝ...අනේ මගේ හාටුව..
"ගුඩ් මෝර්නින් අම්මා..."
"අ.අයියේ..."
"ආ මල්ලී සොරි.."
"ම්ම්.."
අම්මයි මාවයි පේන්නැති තරම් මූ පොට්ටයිද..පුහ්..
ඒ කියලාත් මූ අයින් උනේ නෑ කියහන්කෝ සීතලයි කියලා ඉන්නවා...අම්මා ඇවිත් උගුර පෑදුවත් මේකා මොකො අම්මේ සෙමද කියලා තදට තුරුල් කරගත්තා ආයෙ පාරක්.. මූට පිස්සු ද මට පිස්සු ද බලහන් සේරටම කලින්..
කිරිබත් මේසෙට ඇරලා අපි උන්නේ අයියා එනකල්..දැන් පැය ගානක් මූ එලියට ආවෙ නෑ..කොල්ලත් ඉන්නවා නෙ ඒ හින්දා හැඩවෙනවා මන් හිතන්නේ..
ටිකකින් එයා ආවට පස්සෙ නැන්දා ඉන්දෝලා ටිකක් අරගෙන කැව්වා..මටත් ඉදගෙන කන්න තිබ්බා..
ටිකක් කවපිය උබත්..
යකෝ මේකා..මාත් ටිකක් කවලා..
"අයියේ හොදට ලියන්න...ඔයා දිනකල් සමහර මිනිස්සු බලාගෙන ඉන්නවා.."
කීවා..ඉතින් අපි කෑවට පස්සෙ නැන්දා මල් දාපු වතුර වීදුරුවක් අල්ලගෙන හිටියා මේකා බොනකල්..
අනේ දෙයියනේ !!!!
මේ ගොනා මල් ටික කෑවා..
"අඩො මොනාද අම්මේ ඒ මල්..රසයි.."
"කොල්ලො උබනම් මගෙ වෙන්න බෑ..ඔය රස කර කර කන්නේ පිච්ච මල් .."
"ඉතින් කන්න නෙමෙයි ද දාලා තිබ්බේ..."
"ගොනෙක් නෙමෙයි උබ ගොන්නාම්බෙක්.."
ඔන්න ඔහොම පුතු-මව් දබර වීමකින් පස්සේ ගියා යන්න..
මට පාර ලගට නොහිතුනාම නෙමෙයි ඒත් ආයෙ නොගිහින් ඉන්නවා කියලා හිතලා උන්නා..
"අම්මේ ඔයාගේ සුදු පුතා ආවෝ..."
"අප්පෙ ආවද..අර කොල්ලාත් බලාගෙන උන්නා..වොශ් දාගෙන එන්න කන්න..."
"හරේ..ආ මලේ.."
ඉතින් මේකායි අපියි කාලා ආගිය තොරතුරු කතා කර කර උන්නා..
_____+______+______+_______+________+__
හලෝව්
තව චුට්ටයි..
එන්නම්..🍃
Cho chea jun 🥀
