වැහි පොද පොඩි පොඩි සද්ද විතරක් දාද්දි දුල්මින් වෙනදා වගේම හැගීම් ගොන්නක් බර සුසුමක් විදිහට පිට කරා...
යලි හමුවෙන තුරු වෙන මොකක්වත් නෙමෙයි ඒ මගේ ආදරණීය මනුස්සයාගේ දින පොත..
ඉතින් මන් නොදැනුවත්ව කොච්චර රිද්දලාද..එදා එයාට යන්න නොදුන්නානම් කියලා හැමදාමත් වගේ හිත කෑගද්දි දුල්මින් අසරණ උනා...
එයාගේ ආදරණීය මනුස්සයා වෙන කවුරුත් නෙමෙයි යොහාන් දිල්නෙත් උනා..
ඒත් දුල්මින් ගිහන්සගේ ආදරේ පොඩ්ඩක් හරි යොහාන් තේරුම් ගත්තානම් අද දුල්මින් විතරක් විදවන්නෙ නෑ නේ...
ඔව් දුල්මින් විතරක් මොකද යොහාන් මේ ලෝකේ දාලා ගිහින් අදට අවුරුදු පහක්..
එදා බස් එකෙන් බැහැපු යොහාන් අන්තිම පාරටත් ඔව් අන්තිම පාරටත් කතා කරේ දුල්මින්ට..ඒ කතා කරන ගමන් ඔහේ යද්දි ආයෙත් එකපාර ආපු ඒ අදුර එයාට අමතක කරා එයා උන්නේ පාරේ බව...
ඉතින් එකපාරට ම ආපු එලියෙන් තමන් ශරීරෙන් වෙන් වෙලා පාවෙනවා වගේ යොහාන්ට දැනෙන්න ඇති...
ඒ එක්කම දුල්මින් හොයාගෙන එන්න ඇතී...නැත්තම් චූටිව...
ඉතින් අදටත් සමහර සින්දු උනත් දුල්මින්ට මතක් කරන්නෙම යොහාන්..
එදා කෝල් එකේ ඉද්දි හයියෙන් සද්දයක් ඇහුන හින්දා දුල්මින් කලබලෙන් ආවත් බස් එකෙන් බැහැලා එද්දි එතන තිබුනෙ සුදු රෙද්දකින් වහපු ආත්මෙ මිදුන යොහාන් මිසක් තමන් ආසාවෙන් කියවද්දි බලන් උන්න යොහාන් නෙමෙයි..
ඒ රස්න අත් නෙමෙයි සීතල ගල් වගෙ අත්..මන් තමුසෙට ආදරෙයි මෝඩයෝ..!!!!
කියන වචන ටික කොච්චර වෙලාවක් කීවද කියලා නොදන්න දුල්මින් හරි සිහියට ආවෙත් යාලුවෝ නිසා..
හැමදාම ඒ උනුහුමේ ගුලි උන දුල්මින් හරි සීතලයි මේ දවස්...!!!
ඔව් ඇත්ත,
ආදරෙයිනම් පරක්කු නොකර කියන්න ඕනි..!!!
නැත්තම් ඒ මල් නටුවෙන් ගිලිහෙනවා ගහටත් නොදැනිම..!!
කොහොමනම් අමතක කරන්න ද මන් වශි උන ඒ ඇස්,කතාබහා,මගේ හුරතල් ආදරණීය මනුස්සයා...!!!
ඔව් අනිවාර්යයෙන්ම ඊලග ආත්මේ මන් උබව මගේ කරගන්නවා සත්තයි...!!!
