1

373 12 7
                                    

" අනේ බං මේ උබ මෙතන මරිසි දාන්න එපා බං .. යකෝ උබ කොල්ලෙක් නේද ඔහොම කතා කරන්නෙ ... උබ නිකං කියවන්නෙ රහත් වෙලා වගේනෙ බං .."

අනේ මංද ඔයාල බලනවද කවුද මේ දේශනා තියන්නෙ කියලා වෙන කවුද ඉතින් මගෙ අතිජාත මිත්‍රයා තමයි.. මූ මදුශ්ක ... මගෙ බොක්ක ... මාත් එක්ක මූ අවුරුදු 11 ක් විතර නැට්ට වගේ පස්සෙන්ම ඉන්නවා .. අනේ මංදා මුගෙ ඔක්කොම හොදයි කට ටිකක් විතර ... අම් ... නෑ හොදටම අවුල් .. හී හී ... ඊයා ඇයි මං දැන් එහෙම හිනා වුනේ ... ආ ... දැන් මං කියන්න ගියේ හිනාව ගැනද .. නෑ නෑ මගෙ අතිජාත මිත්‍රයා ගැනනේ... නේ .. ඔව් ඔව් හැබැයි මූ මේ දේශනා තියන්නෙ මොකටද ... පිස්සු මූට හොදටම පිස්සු මම කිව්ව මට දැන්ම love කරන්න බෑ කෙල්ලො ඕනෙ නෑ කියල මූ අහනවා මම එහෙම කියන්න රහත් වෙලාද කියලා රහත් වෙන්න ඕනෙද අනේ එහෙම කියන්න නේද ...

" රහත් ... මං දැන් උබට පෙන්නනවා රහත් ... යකෝ රහත් වෙන්න ඕනෙද බං මට ලව් එපා කියන්න එපා කියන්නෙ මට එපා බං ඕනෙ නෑ මට මොන මගුලක්ද මේ උබලට ලව් තියෙනවනෙ බං අනේ බං පාඩුවෙ ඔය තියෙන එකක් කරන් ඉදපල්ලකෝ මට වද දෙන්නේ .."

" අනේ තෝ.... මං කියන්නෑ ඉතින් බූරුවා යකෝ අර තරුශි නංගි උබට කැමතී මං උබට එදත් කිව්වා ... මට ලැව් එපෑ මං ඔවා කරන්නෑ මට ඕනෙ ඉගෙන ගන්න යැයි යැයි තමා ... පිස්සෙක් උබ "

අනේ ..... මට ඉතින් කියන්න පුලුවන් ... තරුශි මොකාද යකෝ තරුශි .. මට ඕන කෙල්ලෙක් නෑ බං ඇයි මුන්ට ඒක තේරුම් ගන්න බැරි මට නෙමේ තොට තමා පිස්සු .. ගොටුකොල වස්සා .... මට ඉතින් මෙහෙම කියන්න පුලුවන් හැබැයි කිව්වෙ නෑ .. කියලා වැඩක් නෑ මූට..

" අනේ මේ මට ඕන තරුශියක් නෑ උබ තියාගනින් ඒකිව මේ ඔය ලව් වැඩක් නෑ බං යමං යමං දැන් මොනාද බලපං තියෙන්නෙ දැන් නම් හාමුදුරුවෝ ගිහින් ඇති බං යන් පංතියට .."

" උබට පිස්සුද වස්කෝද ගාමගෙ ඇදුම පේනවා අර ඌ ඉන්නව බං අනේ දැන් නම් යන්න බෑ ගියොත් අපේ පස්සවල් ගන්න දෙයක් නැති වෙයි .... "

ඇදුම ... මුට පිස්සුද ඒක සිවුරක් බල්ලො ... අපෝ මූනම් මහ ගොන් වස්සෙක් ....

" ඇදුමක් නෙමේ ඒක සිවුරක් බං ... උබටනෙ පිස්සු .. හරි දැන් අපි මොකක්ද කරන්නෙ කියපන්කො මෙතනම කීයක්ද බලපන් දහයකට වැඩී ... යකෝ පංතියම මෙතනද එතකොට පංතියේ ඉන්නෙ කවුද ...?? "

මගේ ප්‍රථම ප්‍රේමය ❤🙈Where stories live. Discover now