5

104 10 1
                                    

සතියක් .... ස්පෝට් මීට් ඉවර වෙලා සතියකුත් ගිහින් ඒත් ... මට මොකක්ද අමුත්තක් දැනෙනවා .... එදා ස්නේහා මාත් එක්ක එයා ආදි අයියට කැමතී කිව්ව දවසෙ ඉදන් මට හරිම අමුතුයි වගේ .... එදායින් පස්සෙ ආදි අයියා මගෙ ඉස්සරහට කොච්චර ආවත් ... මට එයාගෙ මූණ බලන්න හිතුනේ නෑ අඩුම තරමෙ මට ස්නේහා එක්ක කතා කරන්නවත් හිතෙන්නෙ නෑ මේ සතිය ඇතුලෙම ස්නේහා ආදි අයියා එක්කම එහාට මෙහාට ගියා ස්නේහා යන සමහරක් තැන් වලට මමත් ගියා ... හැබැයි ආදි අයියාගෙ කිසිම වෙනසක් අපිට පෙනුනේ නෑ ස්නේහා කිව්ව විදිහට ආදි අයියා ස්නේහට කැමති නම් මේ වෙනකොට ස්නේහා එක්ක කතා කරන්න ඕනෙ අඩුම ගානෙ හිනාවෙයන් ඒත් නෑ මූනත් දෙක කරන් ඉන්නවා ... මට රවනවා ... ආපහු ස්නේහට රවනවා ... එකම විකාරයක් ... ඒ ඔක්කොම පැත්තකට දැම්මම මට හිතාගන්න බැරි මට මොකක් වෙලාද කියලා
ඇයි මේ .... අයාන් ඔයාට ආදරේ හිතිලද .... නෑ වෙන්න බෑ මට ආදරයක් ඇතිවෙලාද ඒකත් අර නපුරට .... ඒත් ඇයි ... ඇයි එයාටම අනික කොහොමද කවද්ද ... අනික ආදි අයියා කොල්ලෙක් මාත් කොල්ලෙක් මෙහෙම වෙන්න පුලුවන්ද මෙහම වෙන්න බෑ අයාන් මෙහෙම වෙන්න බෑ .... ඔයාට පිස්සුද අයාන් මේවා ... නෑ නෑ මේ මට හිතෙන හැටි ...ආදරය මොන පිස්සුද ... මේ ආදරේ නෙවේ අයාන් මේ නිකන් ඔයාගේ හිත අයාන් එච්චරයි

" අයාන් .... අයා...න් .... අන්න ආදි අයියා එනවා බලන්න "

දැන් අපිට තියෙන්නෙ පුස්ථකාල පීරියඩ් එක මාර ඉක්මනට අපේ ස්පෝට් මීට් එක ඉවර උනා දැන් ඉතින් තියෙන්නෙ ඉගෙන ගන්න .. අනේ මන්දා මගෙ වෙලාව නම් අන්තිම නරකයිද කොහෙද මම අයියා ගැන හිත හිත හිටියා විතරයි මෙන්න මෙයා මෙතන ඒ අස්සෙන් ස්නේහා බෙරිහන් දෙනවා ඇත්තමයි ස්නේහට තේරෙන්නෙ නැද්ද මන්දා අයියා එයාට කැමති නෑ කියලා නෑ ඉතින් කැමති නම් තේරෙනවනේ ...

පුස්ථකාල පීරියඩ් එක ඉවර වෙලා අපි සෙට් එකම පංතියට ආවා අපි පංතියට එනකොටම වගේ ආදි අයියලත් අපේ පිටිපස්සෙන්ම ආවා ....

" ආදී ..... උබ දිල්කි එක්ක යාලුයි නේද ඇත්ත කියපන් උබ අපිට කොලේ වහන්න ලෑස්ති වෙන්න එපා කොල්ලො හොදේ ... "

මොකක් කවුද දිල්කි කියන්නෙ ... මම එක පාරටම ආදි අයියා දිහා බැලුවා ... ආ....ෂ් බැලුවා නෙවෙයි මට බැලුනා ... ඒකා කට කොනින් හිනා වෙනවා අනේ මන්දා මොනා වෙලාද කියලා ... මෙයා නිසා මට දැන් පිස්සු හැදෙනවා ... එක පැත්තකින් ස්නේහා අනිත් පැත්තෙන් දිල්කි ... ඇත්තටම එයාට කෙල්ලෙක් ඉන්නවද .... ඇයි මට දුක හිතෙන්නෙ මට තාම හිතාගන්න බෑ මට මොකක්ද මේ වෙන්නෙ කියලා මම කාටද මේක කියන්නේ .... මම ඉක්මනටම පංතියට ආවා මට බෑ තවත් ඕවා අහන් ඉන්න ... ඔයා මොකක්ද මට මේ කලේ අයියේ ....

මගේ ප්‍රථම ප්‍රේමය ❤🙈Where stories live. Discover now