ඇති යන්තම් .... පුදුම නිදහසක් දැනෙන්නෙ ... මෙච්චර කල් භීශනයක් වෙලා තිබ්බ එක සාපෙකින් ගැලවුනා ... දැන් ඉතින් තියෙන්නේ අනිත් භීශනේ පටන් ගන්න ඒකට නම් ඉතින් තව කල් තියෙනවා නේ ඒ නිසා අවුලක් නෑ ...
අයිය නම් A 8 යි B 1 යි අරන් කොහොමහරි හොද ඉස්කෝලෙකට පැන ගත්තා ... මාත් ඉතින් මට පුලුවන් උපරිමේම කරා කොහොමත් මටත් අයියා ඉන්න ඉස්කෝලෙටම යන්න ඕනෙ නිසා මම ගොඩක් මහන්සි වෙලා වැඩ කලා .... ඒ නිසා බය වෙන්න දෙයක් නෑ මාත් පාස් වෙලා ඇති ... අපේ අයියා ගැන කියනවා නම් ඒකාත් ඒ ලෙවල් පාස් වෙලා කොළඹ කැම්පස් තේරුනා ගිය මාසෙ එයා ගිහින් එහෙ වැඩ ටික බලලා ආවා ... ගෙදර ඉදන්ම යන්න පුලුවන් නිසා ... එයාට ලේසී ...
කොහොමහරි එක්සෑම් ලියල ඉවර වෙලා ගෙදර ඇවිත් නාල කාලා ... මම පොඩ්ඩක් නිදාගන්න හැදුවා විතරයි මගේ ෆෝන් එක කෑගහන්න ගත්තා ... ඇත්තමයි මේ යකාටනම් ගන්න වෙන වෙලාවක් ඇත්තෙම නැද්ද මන්දා අප්පා ... දැන් ඉතින් නිදාගන්න වෙන්නෙ නෑ ...
" හෙලෝ ... අයියේ ... "
" මගෙ බෝලෙ එක්සෑම් ඉවරයිනේ ... "
" ඔව් නේ ... අයියා මොකෝ කරන්නෙ මම නම් ටිකක් නිදාගන්න හැදුවෙ මේ "
" ම්ම් එහෙමද නිදාගන්න එහෙනම් මන් තියනවා .. "
" අයියේ .... නෑ නෑ නෑ එපා ..... ඉන්න ඔහොම .. මාර විදිහට කේන්ති ගන්නවනෙ අනේ ඔයා .... "
" නෑ ඉතින් කතා කරන්න දේවල් නැතුව ඇති නේ ... ඒකනෙ ඔය නිදාගන්න හදන්නෙ "
" නෑ අනේ අහන්නකෝ අද මාර වැඩක් උනානේ .... "
" මොකක්ද ... ?? "
" අර ස්නේහා ඉන්නෙ ඒකි මට මාර කතාවක් කිව්වනේ ... ඒකි මායි ගිහානයයි දවසක් කතා කරනවා අහන් හිටියලු ඔයයි මායි අතර තියෙන සම්බන්දෙත් ඒකි දන්නවලූ ... ඔයාට කියන්න ඒයී මට චූ යන්නත් ආව .. මම ඉතින් ඇහුවා ... ඒකිට අවුලක් නැද්ද කියලා ... මොන පිස්සුද ඒකි බක බක ගාල හිනා වෙලා මට කිව්ව ඇනේ ... ඔයාල නිකන් Bad buddy එකේ කපල් එක වගේ අනේ කියුට් අරකයි මේකයි කියලා මොනාද මන්දා විකාරයක් කිව්වනෙ ඒයී ... "
" තමුසෙ මොකටද ඒ උඩැක්කිය එක්ක ඔච්චර වෙලා කියවන්න ගියේ දැනගෙනනම් ඉතින් ඔහේ දැනගත්ත දෙන් ආයි කිය කිය මගුලක්ද කරන්නෙ ... "
YOU ARE READING
මගේ ප්‍රථම ප්‍රේමය ❤🙈
Romanceමං උබට ආදරෙයි යකෝ ... ඒක තේරෙන්නෙ නැද්ද උබට .. " " අ..යියේ ... අනේ.. මං-