වෙලාව පාන්දර 2.30 ඇගට දැනෙන සීතලයි නිදිමතයි එක්ක ඇදට පැනලා ගුලිවෙන්න හිතුනත් .... සීතලත් නිදිමතත් දරාගෙනම මම අයියට කෝල් එකක් ගත්තා .....
" ගුඩ් මෝනින් ... මන් මේ එන්න හදන්නෙ .... ඕ අම්මා... හරි හරි ගත්තා.... හෙලෝ බෝලෙ මේ මන් දැන් එනවා ඔයාලා ලෑස්තිනේ .... "
" මොකද මේ හදිස්සිය මුලින්ම හුස්ම ගන්නකෝ... මට හෙලෝ කියන්නවත් දුන්නෙ නෑනෙ පුදුම හදිස්සියක්නේ "
" නෑ මේ පොඩ්ඩක් දන්නෙ නැද්ද කලබලේනෙ ... මන් එන්න හදන්නෙ ලෑස්තිද "
" ඕ .... ඊයේ රෑ මට නින්ද ගියෙත් නෑ අනේ .... ඉක්මනට එන්න හොදේ ... "
" ම්ම් හරී ... මන් එහෙනම් තියන්නම් "
" හා ... බායී... "
කෝල් එකත් කට් කරලා සාලෙට ගිය මන් දැක්කෙ කලු කලිසමකට දම් පාට හුඩි එකක් ඇදන් සෝෆා ඉදගෙන කකුල් දෙකත් පද්ද පද්ද ඉන්න ගිහානයව ... මේකා කොයි වෙලේද ආවෙ ...
" උබ කොයි වෙලේද ආවෙ ... කෝ මදුශ්කයා ආවෙ නැද්ද ... "
" දැන් ටිකකට කලින්... උබ කෝල් එකකනෙ හිටියේ ඉතින් මන් කරදර කලේ නෑ ... මදුශ්ක කුස්සියේ හලෝ ... ඔයාලගෙ අම්මා සැන්විචර්ස් වගයක් හදලා ...මටත් අරන් එන්නම් කියලා කුස්සියට ගියා දැන් එයි... "
" යකෝ ... මම ආදිත්‍ය අයියට කතා කලේ එනවද අහන්න ... උබ කතා කරන්න එපැයි මට .... මදුශ්කයෝ..... අනේ උබ ආවද ... කෝ මටත් දීපන් තනියම කන්නේ.... "
කුස්සියේ පැත්තෙ ඉදන් ආපු මදුශ්කයව දැකලා උගෙ ලගට ගියපු මන් ඌ කන්න ගත්ත සැන්විච් එකක් උදුරලා අරන් ඌවත් ඇදන් සෝෆා එකේ ඉදගත්තා ... ඒත් එක්කම වගෙ ආපු අයියත් ඇවිත් ගිහානයගෙ එහා පැත්තෙන් වාඩි උනා විතරයි වාහනයක් ගේට් එක ලගට ඇවිත් හෝන් කලා.... අයියා ඇවිල්ලද කොහෙද ....
" චූටී .... අන්න වාහනේ ආවද කොහෙද අර එනවා කිව්ව ලමයා වෙන්න ඇති කෝ එන්න කොහොමත් මටත් ඒ ලමයට කතා කරන්න ඕනෙ ... "
" ආ.......... ඒ මොකටද අංකල් ඒ ...... "
" මොකටද අහන්නෙ කතා කරන්න එපැයි අපි ..."
" අ.. මේ මදුශ්ක කට වහපන්කෝ ... ඔව් අප්පච්චි ගිහින් කතා කරන්නකෝ .... අපිත් යන් අයියේ එන්න ... "
YOU ARE READING
මගේ ප්‍රථම ප්‍රේමය ❤🙈
Romanceමං උබට ආදරෙයි යකෝ ... ඒක තේරෙන්නෙ නැද්ද උබට .. " " අ..යියේ ... අනේ.. මං-